ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ටිම් පේන් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. මීට හේතුවී ඇත්තේ ඔහු කාන්තා සේවිකාවකට අසභ්‍ය ලිංගික පණිවිඩයක් යැවීම හසුවීම හේතුවෙනි.



ලැබුණ පැමිණිල්ල අනුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය කාන්තා සේවිකාවකට අසභ්‍ය කෙටි පණිවිඩ යැවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අතර ඔහු වරදකරු විය. පේන් ඉල්ලා අස්වීමේ තීරණය ගෙන ඇත්තේ ඉන් පසුවයි.

"ඕස්ට්‍රේලියානු පිරිමි ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට මගේ තීරණය මම ප්‍රකාශ කරනවා,"
“එය ඇදහිය නොහැකි තරම් දුෂ්කර තීරණයක්, නමුත් මට, මගේ පවුලට සහ ක්‍රිකට් සඳහා නිවැරදි තීරණයක්.“
 යයි ඔහු හෝබාර්ට්හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.


‘මගේ ක්‍රියාවන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයෙකුගේ හෝ පුළුල් ප්‍රජාවගේ ප්‍රමිතියට නොගැලපේ. සිත් රිදවීම ගැන මම දැඩි ලෙස කණගාටු වෙමි. මම මගේ බිරිඳට, මගේ පවුලට සහ අනෙක් පාර්ශවයට ඇති කළ වේදනාව, අපගේ ක්‍රීඩාවේ කීර්ති නාමයට මෙමගින් සිදුවන ඕනෑම හානියක් ගැන මට කණගාටුයි, ”ඔහු වැඩිදුරටත් පැවසීය.

 ටිම් පේන් වෙනුවට පැට් කමින්ස් ටෙස්ට් නායකත්වයට පත්කර ඇති අතර අළු බඳුන තරගාවලිය ආරම්භවීමට සති දෙකකට පෙර මෙම වෙනස්කම සිදුවීම විශේෂිතය.