ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදි සිරිලාල් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වූයේය. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 94 වන වියේ පසුවිය.
1924 වසරේ අගෝස්තු මස 27 වනදා උපත ලැබූ ඒ මහතා පිටිහුම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගත්තා. ප්‍රචීන භාෂා පිළිබද මනා දැනුමක් ලබාගත් ඒ මහතා දවස පුවත්පතේද කලක් සේවය කළා. කොසොල් රජුගේ අලුත් සිහින මැයෙන් සිරිලාල් කොඩිකාර මහතා දවස පුවත් පතට රචනා කළ ලිපි මාලාව මෙරට පාඨකයන් අතර ජනප්‍රිය වුණා.
වාමාංශික දේශපාලනයේ නිරත වූ සිරිලාල් කොඩිකාර මහතා සිය මාධ්‍ය කලාව තුළ පීඩිත ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් හඩ නැගීමක් සිදුකළා. රංචාගොඩ ළමයා නමින් ඇත්ත පුවත්පතට ලිපි මාලාවක් ද ඒ මහතා රචනා කළා. කවියෙකු ලෙසද නමක් දිනාගත් සිරිලාල් කොඩිකාර මහතා මෙරට ප්‍රවීණ ගත්කතුවරයෙකු වූ පසන් කොඩිකාර මහතාගේ පියායි.
ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval