ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර මේ දිනවල පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබද ව මාධ්‍ය වේදින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීය.
‘ආණ්ඩුවක් පවත්වාගෙන යාමට තුනෙන් දෙකේ බලයක් අත්‍යවශ්‍ය නැහැ. ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම වැනි ඇතැම් විශේෂ කරුණු සදහා පමණක් තුනෙන් දෙක ඕන වෙනවා.
තුනෙන් දෙකේ බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා යැයි පවසන අය ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව බිඳ වට්ටන්න බැහැ. මාධ්‍ය ඉදිරියේ හා නොයෙකුත් තැන්වල පුරසාරමි දොඩවන්නැතිව ආණ්ඩුවෙන් ඉවත්ව යාමට ඒ අයට හැකියි.
මෛත්‍රිපාල සිරිසේනට ගෑවුණු කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා කියල මං කලිනුත් කියල තියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, රටත්, රටේ ජාතික ආරක්ෂාවත්, විනාශ වූයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය නිසා‘
Comments
Post a Comment
Your comment will be visible after approval