ප්‍රසව වේදනාව නොතකා පාපැදියකින් රෝහලට ගොස් නිරෝගී දරුවෙකු ප්‍රසූත කළ නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීනී ජූලී ඈන් ජෙන්ටර් මහත්මිය ගැන මේ දිනවල විදෙස් ප්‍රවෘත්ති පළව තිබේ.
ඉරිදා පාන්දර ජුලීට ප්‍රසව වේදනාවක් ඇතිවීමෙන් පසු ඇය විදුලි සයිකලයෙන් රෝහලට පිටත් වූවාය. එහිදී වෛද්‍යවරුන්ගේ උදව්වෙන් දරුවාව ප්‍රසූත කර තිබේ.
ජූලි සිය අත්දැකීම සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හදාගෙන ඇත. දරුවාගේ උපත පිළිබඳ බොහෝ පින්තූර පළ කරමින් ඇය ඒ ගැන ලිවුවාය.
‘ විශාල ප්රවෘත්තියක්!
අද 3.04 ට අපි පවුලේ අලුත්ම සාමාජිකයා පිළිගත්තා.
ප්‍රසව වේදනාව අතරතුර බයිසිකල් පැදීමට මට අදහසක් තිබුනෙ නැහැ. ඒත් එය එසේ සිදු වුණා.‘
රෝහලට යන්න හදන අවස්ථාව වනවිට එතරම් වේදනාවක් නොතිබූ බව ජූලි ලියා ඇත.
පසුව වේදනාව වැඩි වූ නිසා අපි රෝහලට යාමට විනාඩි 10ක් ප්‍රමාද වුණා.
පියාගේ ඔඩොක්කුවේ නිදා සිටින නිරෝගිමත් ප්‍රීතිමත් පුතෙක් අපට සිටිනවා. සුව පහසු දරු ප්‍රසූතිය ගැන ජුලී රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුති කළාය.
ජුලී ඈන් ජෙන්ටර් ‘ග්‍රීන් එම්පී‘ යන නමින්ද හැඳින්වේ. පරිසරය වෙනුවෙන් කරන ලද ව්‍යාපාරය හේතුවෙන් ඇය සිරස්තලවල රැඳී සිටියි. ජුලී එක්සත් ජනපදයේ සහ නවසීලන්තයේ ද්විත්ව පුරවැසිභාවය දරයි. ඇය ඇමරිකාවේ මිනසෝටා හි උපත ලැබූ නමුත් 2006 දී නවසීලන්තයට ගියාය. නවසීලන්ත මාධ්‍යවලට අනුව, ජූලි 2018 දී ද එවැනිම ආකාරයකින් රෝහලට ගොස් පළමු දරුවා බිහි කර තිබුණි.
| පළමු දරුවා ලද අවස්ථාව |
Comments
Post a Comment
Your comment will be visible after approval