පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී මාස තිස් එකක් (31) ගතවීම අනුස්මරණය කරමින් මහමොළකරුවන්
හෙළිකර ඒ සඳහා යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා මීගමුව නැඟෙනහිර දිසා තරුණ කතෝලික සංගමය විසින්
පෙරේදා (21දා) පෙරවරුවේ මීගමුව තම්මිට ශාන්ත පිලිප් නේරි දේවස්ථානය ඉදිරිපිට යාඥාමය
විරෝධතාවක් පවත්ව ලදී.
මෙහිදී විරෝධතාකරුවන් විසින් විරෝධතා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සහ ජපමාලය උච්චාරණය කරමින්
සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදුණහ.
මෙම විරෝධතාව මීගමු නැඟෙනහිර දිසා කතෝලික සංගමයේ සභාපති චානුක රොසයිරෝ විසින් සංවිධානය
කර තිබූ අතර 150ක පමණ පිරිසක් ඒ සඳහා සහභාගි වූහ.
කිඹුලාපිටිය මීසමේ සහායක ඉසුරු ලක්ප්‍රිය පියතුමා යාඥා වැඩසටන මෙහෙයවන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval