වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටින රන්ජන් රාමනායක සතුව තිබූ ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම රෝහලේ රාත්‍රි රාජකාරියේ නිරත නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
බන්ධනාගාර නීති අණපනත්වලට පටහැනිව නීති විරෝධී ආකාරයෙන් ජංගම දුරකථනය සිය සන්තකයේ
තබාගැනීම සම්බන්ධයෙන් රාමනායක මහතාව බන්ධනාගාර විනිශ්චය සභා වෙත ඉදිරිපත් කිරීමට පියවර
ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.
සිරදඬුවම් ලැබ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රන්ජන් රාමනායක මහතාගේ දණහිසේ ඇති
වූ ආබාධයකට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාදෙන තෙක් වෛද්‍ය උපදෙස් මත ඉකුත් 10
වැනිදා සිට ඔහුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබිණි.
එසේ රඳවා සිටියදී ඔහු එම ජංගම දුරකථනය සිය සන්තකයේ තබාගෙන සිට ඇති බවද මාධ්‍ය
ප්‍රකාශකවරයා පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval