namal-commity

මෙරට තුළ ක්‍රියාත්ම‍ක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ගැටලු නිරාකරණය කිරීම සඳහා සංවර්ධන සම්බන්ධීකරණ හා අධිණ අමාත්‍යවරයා ලෙස තමන්ට සහාය දැක්වීමට සියලු බලතල හිමි නිත්‍ය කමිටුවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ. 

ඒ අනුව මාසිකව රැස්වන එම කමිටුව සඳහා ආර්ථික ප‍්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය මහින්ද රාජපක්ෂ හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ එකඟතාව මත කමිටු සාමාජිකයන් ලෙස ජාතික ක්‍රමසම්පාදන, ජාතික අයවැය, විදේශ  සම්පත්, කළමනාකරණ සේවා, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ද පත් කිරීමට යෝජනා කර තිබේ.



රුපියල් මිලියන 1000 ඉක්මවන මහාපරිමාණ ව්‍යාපෘති 322ක් අමාතයංශ 47ක් යටතේ ක්‍රියාත්මක වන අතර මෙම සංවර්ධන වනපැතිවල 2021 තෙවන කාර්තුව අවසන් වන විට ඒවායේ ප්‍රගතිය සමාලෝචනය කරමින් ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුව සංවර්ධන ප්‍රතිඵල අපේක්ෂිත පරිදි ලබා දීම සදහා බලපාන නොවිසදී පවතින ගැටලු රාශියක් වන පැතිවල පවතින බව ප‍්‍රගති සමාලෝචනයේදී හා ඒවායේ වැඩබිම් නිරීක්ෂණවලදී හඳුනාගෙන ඇති බව ද වාර්තා වේ.

ඒ අතරින් ඉඩම් අත්පත් කර ගැනීමේ හා වන්දි ගෙවීම් ප්‍රමාදයන්, ප‍්‍රතිපාදන ඌනතා හා අක්මුදල් ප්‍රමාදයන්, කොන්ත්‍රාත්කරුවන්ගේ දුවල කාරියසාධනය සහ තෙවන පාර්ශ්වයන්ගේ අනුමැතිය හා සහාය ප‍්‍රමාද විම යනාදිය ප‍්‍රධාන ගැටලු ලෙස හඳුනා ගෙන ඇත.

එම ගැටලු නිරාකරණය කීම සඳහා අමාත්‍යවරයාට සහාය වීමටත්, ඕනෑම අවස්ථාවකදී ඕනෑම පාකරුවෙකු කැඳවා සාකචිඡා කර අවශ්‍ය නීරණ ගැනීමටත් හැකි වන පරිදි නිසි බලතල ලබාදීමට යෝජිතය.

(නවෝද්‍යා පවනි)