mobile-gift-abuse

පුංචි දරුවෝ ජංගම දුරකතනවලට දක්වන්නේ සුවිශේෂී ඇල්මකි. මව හෝ පියා  සේවය නිමවී නිවසට පැමිණෙන තුරු ඇතැම් දරුවන් බලා සිටින්නේ ජංගම දුරකතනය අල්ලා ගැනීමටය.  ඒ බොහෝ විට විඩීයෝ ගේම් හෙවත් විඩියෝ ක්‍රීඩාවල නිරත වීම සඳහාය.   ඇතැම් මව්පියන් දරුවන්ට ඇති ආදරය නිසාම ඔවුන් ඉල්ලන ඉල්ලන දේ දීමට පෙළඹෙන නමුත් ඇතැමුන් එසේ කරන්නේ නැත. එවැනි අවස්ථාවල මව්පියන්ගෙන් නොලැබෙන දේවල්  පිටස්තරයන්ගෙන් හෝ ලබා ගැනීමට ඇතැම්   දරුවන් පෙළඹෙන්නේ තම ආශා කරන දේ කොහෙන්, කාගෙන් හෝ ලබාගැනීමේ අරමුණෙනි.මේ බව දන්නා ඇතැම් තිරිසනුන්ටත් අත්ත මිනිසුන් හය හතර නොදන්නා පුංචි එවුන් රවටා ඔවුන් ආශා කරන දේවල් ලබාදී දරුවන්ගේ අනාගතයම විනාශ කිරීමට උත්සාහ කරන්නේ ඉතා නින්දිත ලෙසය.

  ජංගම දුරකතනයට ආශා කළ පහලොස් හැවිරිදි  දැරියන් දෛදෙනකු  අමනුස්සයන් වැනි මිනිසුන් අතින් අපයෝජනයට ලක්  වූ සිදුවීම් දෙකක් පසුගියදා වාර්තා වුයේ නාවලපිටිය සහ වැලිකඩ පොලිස්ථාන වලිනි.

මින් එක්දැරියක් ‘පියුමාලිය. වයස අවුරුදු 15කි, පදිංචිව සිටියේ පූඩළුඔය ප්‍රදේශයේය.  පියුමාලි කුඩාකල සිටම  තරුණයකු සමග පෙමින්   බැඳුණාය, ඔහු 'රාජා'ය. රාජාගේ වයස අවුරුදු 18කි.  ඔහු නාවලපිටිය.රොජසන් ගම පදිංචිකරුවෙකී.  පුඩළුඔය සිටින පියුමාලිට නාවලපිටියේ සිටින පෙම්වතා, දිනපතා හමුවීමට නොහැකි නිසා ඇය එ සඳහා ජංගම දුරකතනයක පිහිට පැතුවාය. පියුමාලිට ජංගම දුරකතනයක් මිලදීගැනීම සඳහා  වත්කම තිබුණේද නැත. ඒ සඳහා තමන්ගේ  සීයාගේ පිහිට පැතුවාය. මේ සීයාගේ වයස අවුරුදු  84කි. හැට පැන හොට බිම ඇනුණත් සීයා නාකි මනමාලයෙකී.වල් සතෙකි, තම සීයා එවැනි කෙනකු බව පියුමාලි දැනසිටියේ නැත, රාජාට දුරකතන ඇමතුම් ලබා ගැනීමට සීයාගේ ජංගම දුරකතනය ඉල්ලාගෙන යන පියුමාලිට ඒ සඳහා තමන්ගේ සිරුරෙන් වන්දි ගෙවීමට සිදුවිය. පෙම්වතාට දුරකතන ඇමතුම් ගන්නට ජංගම දුරකතය දෙන සැම අවස්ථාවකම සීයා, පියුමාලි අපයෝජනය කළේ සිත්පිත් නැති අධමයකු ලෙසය.

පියුමාලි මේ සියල්ල ඉවසා දරාගෙන සිටියාය. ඒ සීයා නැත්තම් පෙම්වතාට කතාකිරීමට තමාට  ජංගම දුරකතනයක් නොමැති නිසාය. මේ අතර රාජාගේ පියා හදිසියේ මියගියේය. පියුමාලි පෙම්වතාගේ නිවෙසට ගියේ මිතුරියකද සමගය.පෙම්වතාගේ පියාගේ අවමගුලට සහභාගිවීම සඳහාය. පෙම්වතා නිවෙසේදී එදින රාත්‍රී ඇය අපයෝජනයට ලක්වූවාය. ඒ පෙම්වතා අතිනි. කාලය මෙසේ ගෙවීයන අතරේ පියුමාලිගේ පෙම්වතා ඇගේ නිවෙස සොයා පුඩළුඔය ප්‍රදේශයට යන්නේ යට නොදන්වාය.පියුමාලි කී මඟ සළකුණු ඔස්සේ පියුමාලි සීයාගේ නිවෙස සොයා යන  පෙම්වතා දකින්නේ  අදහාගත නොහැකි දසුනකි. ඒ අසුහතර හැවිරිදි සීයා තම පෙම්වතිය අපයෝජනය කරන අයුරුය.  මිනීබිරියගේ පෙම්වතා මේ සිද්ධිය දුටුබව  දැනගත් සීයා නිවෙසින් පලා යන්නේ ක්ෂණිකවය.තම පෙම්වතියට සීයාකළ අපරාධය පෙම්වතා පෙම්වතියගේ මාමාට පවසන්නේ කළයුතු හොඳම දේ යැයි සිතාගෙනය. එහෙත් සිදු වූයේ වෙනකකි. මාමාගෙන් පෙම්වතාට ගුටිබැට ප්‍රහාර එල්ල වන්නේ  නොසිතූ ලෙසය.



වඳින්නට ගිය දේවාලය හිසේ කඩා වැටුණු පෙම්වතා එතැනිත් පිටවිය. ඒ අතරේ පියුමාලිද සිය නිවෙසින් ආගිය අතක් නැතිවිය.ඇගේ මව ඇය සොයා බැරිම තැන පූඩළුඔය පොලීසියට පැමිණිල්ලක් කළාය.පියුමාලි ඊට පසුවදා නිවෙසට පැමිණියාය.  මේ ගැන විමසද්ද ඇය කීවේ පෙම්වතා අතින් පමණක් අපයෝජනය වුවකි. එහෙත් ඇය වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  අනාවරණය වූයේ ඇය බොහෝවතාවක් අපයෝජනය වි ඇති බවකි.   සැකකාර පෙම්වතා පොලිසිය විසින් අත් අඩංගුවට ගැනෙන්නේ ඔය අතරය. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කැරිණී, 84 වියැති සීයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙසද නාවලපිටිය මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය. දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නාවලපිටිය රෝහලට ඇතුලත් කැරිණි,  

මීට සමාන අනෙක් කතාව වාර්තා වූයේ වැලිකඩ පොලිසියෙනි.. ඇය මහේෂිකාය. මහේෂිකා පදිංචිව සිටින්නේ වැලිකඩ පොලිස් වසමේය.   මහේෂිකාට සහෝදර සහෝදරියන් කීපදෙනකු ද සිටියාය. ඇගේ පියා මිය පරලොව යැමෙන් අනතුරුවමව අනියම් සම්බන්ධයක් ඇතිකර ගත්තාය.ඒ 20I8 වසරේ සිටය. ඔහු මහේෂිකාගේ නිවසේ පදිංචියට පැමිණෙන්නේ ඔය අතරය. ඔහු උඩවලවේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු 64කි. මේ තැනැත්තා  මහේක්ෂිකාගේ සිත ක්‍රමයෙක් දිනා ගන්නේ විවිධ උපක්‍රම මගිනි. මහේක්ෂිකා මේ හැට පැනපු  පුද්ගලයාට රැවැටුණාය. ඔහු ඇය අපයෝජනය කරන්නේ ඇසිල්ලේය. මේ තිරිසන් පුද්ගලයා, මහේෂිකාට ජංගම දුරකතනයක් තෑගි කරන්නේ ඔය අතරේය. ඉන්පසු ඔහු, ඇය බරපතල ලෙස අපයෝජනය කරන්නේ සිත් පිත් නැත්තෙක් මෙනි. ඒ 2018 වසරේදීය. එතැනින් නොනැවතුණ මේ පුද්ගලයා රාජගිරිය, බණ්ඩාරනායකපුර පදිංචි 54 වියැති ඔහුගේ මිතුරකුටද දැරිය අපයෝජනය සඳහා අවස්ථාව සලසාදුන්නේය.



මේ අතර දැරියගේ වැඩිමල් සොයුරිය තරුණයකු සමග පෙමින් බැඳුණාය. ඔහු සමග විවාහ වීම ඇයගේ අරමුණ විය. මේ පුද්ගලයා 36 හැවිරිදි අයෙකි. පදිංචිය මහියංගනය ප්‍රදේශයේය. ඔහු වෘත්තීය හමුදා සෙබළෙක්,  අක්කා කසාද බඳින්නට ආ මේ සෙබළා නංගී වන මහේෂිකාට ඇල්ම බැල්ම හෙලන්නට විය.'වෙන්ඩ මස්සිනා' තින් ද  ඇය  අපයෝජනය වන්නේ ඔය අතරය.  තමා, අක්කාගේ පෙම්වතා අතින් දිගින්දිගටම අපයෝජනය වන  බව මහේෂිකා මිතුරකුට කියන්නේ ඔය අල්ල පනල්ලේදීය. තම මිතුරිය මුහුණපා සිටින සන්තෑසිය ගැන කම්පාවට පත්වුණු මිතුරා, මේ ගැන  වැලිකඩ පොලීසියට පැමිණිලි කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වුණු පොලිස් නිලධාරීන් දැරීය සොයා ගොස් ඇය සහ ඇගේ මවගෙන් මේ ගැන ප්‍රකාශ ලබාගෙන තිබිණි.  දැරිය මුලින්ම අපයෝජනය කළ 64 හැවිරිදි  පුද්ගලයා ඒවනවිට පදිංචිව සිටියේ උඩවලව ප්‍රදේශයේය. ඔහු දැරියගේ මවගේ අනියම් පුරුෂයාය.සැකකරු සොයා උඩවලවට ගිය පොලස්  නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගන්නේ නිවෙසේ සිටියදීය. දැරිය අපයෝජනය කළ 54 හැවිරිදි පුද්ගලයා සහ දැරියගේ අක්කාගේ පෙම්වතාද අත්අඩංගුවට ගැණුනේ ඒ අනුවය.  මහේෂිකා අපයෝජනය කළ තවත් පුද්ගලයන් සිටිය හැකි බව විශ්වාස කරන  පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

(අමල් රණබාහු)