mc-donalds-gas-leak

පසුගිය (20)වනදා කොළඹ තුරග තරග පිටිය අසල McDonalds අවන්හලක ඇති වු ගින්න ද්‍රව පෙට්‍රෝලියම් වායුව අදාළ අවන්හල තුළ කාන්දුවීමක් එම වායුව, වායු කලාපය තුළ පුපුරා ගොස් ඇති බව හා එම අවස්ථාවේ ක්‍රියාකාරීව පැවති විදුලි උපකරණයකින් නිකුත් වූ විදුලි පුලිඟුවක් මඟින් එම වායුව ජ්වලනය වීම හේතුවෙන් ගින්න හට ගත් බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දන්වා තිබේ.



එම ගෑස් පිපිරීම වායුවේ සංයුතිය වෙනස්වීම හේතුවෙන් සිදුවන බවට ඩේලි මිරර් පුවත්පත අද පළ කළ වාර්තාව සාවද්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ඒ අනුව පැහැදිලි කර තිබේ.

අද පන්නිපිටියේ නිවසක එකක් ඇතුළුව පසුගිය මසක කාලය තුළ  නොවැම්බර් 16 වැනිදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක පිපිරීමක්ද නොවැම්බර් 04 වැනිදා වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ ආපන ශාලාවක ගෑස් පිපිරීමක්ද වාර්තා විය. ගෑස් සම්බන්ධ පිපිරීම් 4 ක් වාර්තාවූ පසුබිමක
20 වනදා මැක්ඩොනල්ඩ්ස් පිපිරීම හැර අනෙක් පිපිරීම් සම්බන්ධ රස පරීක්ෂක වාර්තා ගැන තවම පැහැදිලිකිරීම් කර නැත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනය පහතින්