india-announces-bill-to-ban-cryptocurrencies

ඉන්දියාවේ රජය පුද්ගලික ගුප්තකේතන (ක්‍රිප්ටො) මුදල් තහනම් කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවට අඟහරුවාදා (23) පනතක් ඉදිරිපත් කළ අතර මහ බැංකුවේ පිටුබලය සහිත ඩිජිටල් මුදල් සඳහා රාමුවක් නිර්මාණය කරන බව නිවේදනයක් නිකුත් කළේය.

යෝජිත පනත මගින් "ඉන්දියාවේ සියලුම පුද්ගලික ගුප්තකේතන මුදල් තහනම් කිරීමට උත්සාහ කරනු ඇත", ලෝක් සභාව ප්‍රකාශ කළේය.
 බිට්කොයින් තරුණ පරම්පරාවන්ට අවදානමක් ඇති කරන බවත් එයින්  "ඉන්දීය තරුණයන් නොමගට යොමුවිය හැකි" බවට අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ අනතුරු ඇඟවීමක් කර තිබූ අතර ඒ මතය ඔස්සේ යමින් මෙම පනත ඉදිරිපත්විය.

ක්‍රිප්ටෝ මුදල් නිසා සයිබර් අපරාධකරුවන් වර්ධනයවීම බොහෝ රටවලට පොදුවූ අහිතකර අත්දැකීමකි.

2016 දී මෝදි රජය විසින් සියලුම මුදල් නෝට්ටු පාහේ අවලංගු කිරීමෙන් පසු වංචනික ක්‍රිප්ටෝ ගනුදෙනුවල වැඩිවීමක් 2018 අප්‍රේල් මාසයේ සිට රටේ මහ බැංකුව නිරීක්ෂණය කර ඇති අතර ක්‍රිප්ටෝ ගනුදෙනු තහනම් කිරීමට එය හේතු විය.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ ගැන ඉල්ලා සිටි තහනමක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඉන්දියාවේ ක්‍රිප්ටෝ වෙළඳපොල වර්ධනය වී තිබූ අතර, Chainalysis විසින් කරන ලද පර්යේෂණයන්ට අනුව පසුගිය වසර තුළ සියයට 600කට වඩා වර්ධනය විය.

ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකය ඇති ඉන්දියාවේ මිලියන 15 ත් 100 ත් අතර පුද්ගලයින් ගුප්තකේතන මුදල් හිමිකර ගැනීමට ඇස්තමේන්තු කර තිබූ අතර, මුළු වත්කම් ඩොලර් බිලියන ගණනකි.



රූපවාහිනී නාලිකා, මාර්ගගත සේවා සහ සමාජ මාධ්‍ය හරහා CoinSwitchKuber, CoinDCX සහ අනෙකුත් ගෘහස්ථ ක්‍රිප්ටෝ හුවමාරු සඳහා වෙළඳ දැන්වීම් මේ දක්වා විකාශය වුවත් නව තහනම සමග ඒවා නවතාලන්නට සිදුව ඇත.

චීනයද සැප්තැම්බර් මාසයේදී සියලුම ගුප්ත ව්‍යවහාර මුදල් ගනුදෙනු නීතිවිරෝධී ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නීතිමය වශයෙන් ක්‍රිප්ටො මුදල් ඒකක පිළිගන්නා එකම රට එල්සැල්වදෝරය පමණි.
ශ්‍රී ලංකාවට මෙම මුදල් ඒකක හඳුන්වාදීම සම්බන්ධයෙන් සොයාබැලීමට පසුගියදා ඩිජිටල් ඇමතිවරයා හා මහබැංකු අධිපති මුල්වී කමිටුවක් පත්කර ඇත.

(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)