gas-issue-alagiyawanna

ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර පුපුරායාමේ සිදුවීම් සම්බන්ධ විශේෂ පැහැදිලි කිරීමක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (27) පාර්ලිමේන්තුවේදී සිදු කළේය.
එහිදී ඔහු මෙසේ කීවේය.

‘මීට මාස කීපයකට පෙර ලිට්‍රො සමාගම ලීටර 18 ගෑස් සිලින්ඩර ලංකාවට ගේන්න හැදුවා. ඒ වෙලාවෙ අපි විරුද්ධ වුණා. ඒ වෙලාවෙ සමාගම කිව්වා ප්‍රොපේන් බියුටේන් 30-70 නෙමෙයි 50-50 දමලා තාප ධාරිතාව වැඩිකළ හැකි බව.. එම අවස්ථාවේ මොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත මහතා සමග එක්ව අපි ගණනය කළා. ඒක හරියන්නෙ නැහැ. අපි එම ඉල්ලීම ඉවත දැම්මා. අපි නඩු දැම්මා සමාගමට එරෙහිව. තාම නඩුව යනවා.දැන් වෙළෙඳපොලේ ලීටර 18 ගෑස් සිලින්ඩර නැහැ.
තියන ඒවයෙ සංයුතිය 30-70 ලෙස දන්වලා තියනවා. සියයට 5ක අඩුවැඩිවීම් වියහැකි බවට තාක්ෂණිකව දන්වා තිබෙනවා. ඒ අනුව 25-35  හා 65-75 අතර වෙනසක් සිදු විය හැකියි.



මේ සාම්පල අපි ඛණිජ තෙල් නීති ගත සංස්ථාවට යොමු කළා. ඉන්ටෙක් ආයතනයත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවත් මේ ගැන පරීක්ෂණයක් කරනවා. අද (27) සවස 5 ට එහි වාර්තාව ලැබෙනවා.

මං අදාළ ප්‍රතිඵලය සඳුදට පාර්ලිමේන්තුවට දන්වනවා. මේව අපි කියන කොට කියන කෑලි අල්ලගෙන වැරදි මත යනවා. ඒක වැරදියි.
අපි රෙගුයුලේටරේට, පිත්තල උපකරණෙට, සිලින්ඩරේට, හොර්ස් එකට සියල්ලට ප්‍රමිති ආයතනයෙන් වෙනම ප්‍රමිති නම් කරල තියනවා. ඒ අනුව තමා සිද්ධ වෙන්නෙ.




එච් එස් කොඩ්ස් 7800ක් භාණ්ඩ ලංකාවේ ප්‍රමිතිගත කරල තියෙනවා. ඒත් ඒ හැම එකක්ම පරීක්ෂා කරල ගන් නැහැ. 1200 යි පරික්ෂා කරලා ගන්නේ. අනෙක් භාණ්ඩ අපි බලල නෙමේ ගුණාත්මක බව පරීක්ෂා කරල නෙමේ ගන්නෙ. දැන් අපි එම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මේ වනවිටත් මොරටු විශ්ව විද්‍යාලය මේ ගැන ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. වෙළෙද අමාත්‍යංශය යටතේ තියන ප්‍රතීයීතන ආයතනය අපේ රටට ආනයනය කරන ගෑස් පටවන සමාගම් නිකුත් කරන වාර්තා ලබාගන්න ගිය සතියෙ සිට වැඩ කරනවා. මේ දක්වා කර තිබුනේ නැහැ. මෙම ප්‍රශ්නය ගැන රස පරීක්ෂකත් කටයුතු කරනවා.මේ සියලු ප්‍රතිඵල අරගෙන අපි ජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී ක්‍රියා කරනවා.‘