දිවයිනේ සියලුම දහම් පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් ලබන නොවැම්බර් 28 වැනි දා සිට යළි විවෘත කළ හැකි බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් දෙමව්පියන් හා අනෙකුත් අදාළ පාර්ශව සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙස එම නිවේදනයේ සඳහන් වෙයි.
කොරෝනා වසංගතය හේතුවෙන් දහම් පාසල් වසා දැමුනේ පසුගිය අප්‍රේල් මාසයේ අගය.
ඒ අනුව ලබන 21 වැනිදා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දහම් පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පූර්ව කටයුතු සූදානම් කරන ලෙසද එම නිවේදනයේ සඳහන්ව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval