chilli-president-pandora

චිලියේ ජනාධිපති සෙබස්තියන් පිනෙරා සම්බන්ධයෙන් ඉදිරිපත් ව තිබූ විශ්වාසභංගයට පක්ෂය ඡන්දය ලබාදීමට එරට කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. පසුගිය මාසයේදී අනාවරණය කෙරුණු පැන්ඩෝරා ජේපර්ස් තුළ ජනපතිවරයාගේ නම ඇතුළත්ව තිබීම මූලික කරගනිමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් විය.ඒ අනුව ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරිමේ තීරණය මේ වනවිට එරට සෙනට් මණ්ඩලය හෙවත් ඉහළ මන්ත්‍රී මණ්ඩලය වෙත පැවරී තිබේ. එහෙත් සාමාජිකයන් 43දෙනෙකුගෙන් යුත් එම මණ්ඩලය තුළ විපක්ෂය සතුව ආසන 24ක් පමණක් හිමිව ඇති නිසා

ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රමාණවත් ඡන්ද 29ක් සම්පූර්ණ කරගැනීමට හැකියාවක් නොලැබෙනු ඇතැයිද සදහන් වෙයි.

ජනාධිපති පිනෙරා චිලියේ පොහොසතුන්ගෙන් අයෙකු ලෙසද සැලකෙයි. පසුගිය මාසයේදී අනාවරණය කෙරුණු මෙම පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව්ව තුළ පිනෙරාගේ එක් පුත්‍රයෙකු සිය පවුලට සම හිමිකාරිත්වය සහිත ඩොමින්ගෝ පතල් ව්‍යාපෘතියක් බ්‍රිටිෂ් වර්ජින් දූපත්හි අක්වෙරළ සමාගමක් හරහා අලවි කිරීමක් පිළිබදව සදහන් කර තිබුණි. 2011 වසරේදී මෙම සිදුවීම හටගෙන තිබූ අතර, 2010 වසරේ  සිට 2014 දක්වා කාලය පිනොරාගේ පළමු ජනාධිපති ධුර කාලය විය. එහෙත් මෙම සිදුවීම සදහා තමන් සම්බන්ධ නොමැති බව ජනපතිවරයා මීට පෙර පවසා තිබුණි.