දිනයක් වයසැති තම බිලිඳිය පණපිටින් වළදැමූ මවක් පිළිබද පුවතක් චාවකච්චේරි – මට්ටුවිල් උතුරු ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් ඊයේ (23) පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබු අතර ඒ අනුව චාවකච්චේරි පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
ඒ අනුව වැඩිදුර පරික්ෂා කිරීමේදී නිවස පිටුපස වලදමා තිබියදී බිළිඳිය සොයා ගෙන තිබෙයි.
ඒ අනුව බිළිඳිය වලදමා තිබූ ස්ථානයෙන් ගොඩගෙන ඇති අතර එහිදී අදාළ බිලිඳිය ජිවතුන් අතර සිටී අතර, කඩිනමින් රෝහලට ඇතුළත් කර තිබෙයි.
කෙසේ වෙතත්, මේ වනවිට අදාළ බිලිඳිය යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධියට අදාල මව පොලීසිය අත්අඩංගුවේ පසුවන බවට තොරතුරු වාර්තා වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval