ගහෙන් ගහට කොට කොටායම කොට්ටෝරුවාගේ සිරිතය. කොට්ටෝරුවාගේ හොට පටලෙන්නේ කෙසෙල් ගහට කොටපු දාටයයි පැරණි කියමනක් ද ඇත. එහෙත් කොට්ටෝරුවා කිසි දිනක කෙසෙල් ගස්වලට කොටන්නට යන්නේ නැත. ඒ කෙසෙල් ගස ගැන හොඳ අවබෝධයක් ඇති නිසාවිය යුතුය.   කොට්ටෝරුවා එලෙස තමන්ට සුදුසු ගස තෝරාගෙන කොටන්නට ගිය සමහර මිනිසුන්  සිතාගෙන සිටින්නේ තමන්ට ඕනැම දෙයක් කළ හැකි ලෙසිනි,එනම් ඕනම කෙනෙකු සමග හැප්පීමට හැකි බවය.විශේෂයෙන්ම මේ මානසිකත්වය තිබෙන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ටය.ඒ නූගත්කම නිසා හිතන්නට මොලයක් නැතිවීම නිසාත් අවියක් අතටගෙන මිනිසකු මැරු කල තමන් චණ්ඩියකුයැයි සිතන නිසාත්ය.  කවුරු මොනතරම් සෙල්ලම් දැම්මත් සාමාන්‍ය ජනතාව එක්වුවහොත් ඒ ලොකුකම්,  චණ්ඩිකම්,සෙල්ලම අවසන් කිරීමට ගතවන්නේ නිමේෂයක් පමණි.

හිඹුටාන, අංගොඩ,අංක238/2 දරන නිවෙසේ පදිංචිව සිටි කලවිට ගොඩගම චතුර මදුරංග පෙරේරා නොහොත් චතුවාද එවැනි මානසිකත්වයක් මෙන්ම අතීතයක් ඇති අයෙකි. එහෙයින් ඔහු සිතා සිටියේ කවුරු කවුරුත් ඔහු කියන දෙයට හිස නමා අවනත විය යුතු ලෙසිනි.  මේ උද්දච මානසිකත්වයට යස පාඩමක් ඉගැන්වීමට මුල්ලේරියාව,චන්ද්‍රිකා කුමාරතුංග  මාවතේ ජනතාවට පසුගියදා හැකි වූයේ යළි කිසි  දින සෙල්ලම දැමීමට නොහැකිවන ලෙසිනි.  පසුගිය (ඔක්තෝබර්) මස31 වැනිදා රාත්‍රියේ පොලි හදිසි ඇමතුම් 119 අංකයට ලැබුණ පණිවුඩයකින් කියැවුණේ මුල්ලේරියාව, චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ලෙස්කෝ කොම්පැනිය අසල පුද්ගලයකුවැටි සිටින බවය.  එම තොරතුර මුල්ලේරීයාව පොලිසියට ලැබෙන විට වේලාව රාත්‍රී හත පසුවී තිබිණි.

වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපති වරයා,කණ්ඩායම පිටත්කර හරින්නේ  මෙය අනීවාර්යයෙන්ම පාතාල කල්ලියක් සම්බන්ධ වූ සිද්ධියක් විය හැකියැයි සැකයෙනි.

පොලිස් කණ්ඩායමයන විට තුවාලකරු එම ස්ථානයේ වැටී සිටිනු දක්නට ලැබිණි.අවට එක්රොක්ව සිටි පිරිස් පැවසුවේ අසල නීවෙසකට පැන එම නිවැසියන් ඝාතනය කිරීමට  ගිය අවස්ථාවේ අසල්වැසියන් එක්ව නිවැසියන් බේරාගත් බවයි.පොලිස් තණ්ඩායම මුලින්ම කළේ තුවාලකරු රෝහල් ගත කිරීමය.එනම් වහා 1990 ගිලන්රථය කැඳවා රෝහලට රැගෙනයන මුත් එ වනවිටත් මෙතෙම මියගොස් සිටියේය. මෙලෙස මියගොස් තිබුණේ කලක් හංවැල්ල පැත්ත හොල්ලාගෙන සිටි චතුවා නම්වූ  රණාලේ සමයංගේ න ම් දැරු වෙඩික්කරුවෙකි.   විමර්ශනවලදී හෙළිවූ තොරතුරුවලට අනුව මොහු කප්පම් අල්ලන්නට සිය විරුද්ධ කල්ලියේ මියගිය සාමාජිකයකුගේ පෙම්වතියගේ නිවෙසටය.  සොල්ටා යනු අංගොඩ ලොක්කා නම්වූ හිටපු පාතාල නායකයාගේ වෙඩික්කරුවෙකී.ළගම ගෝලයෙකි. අංගොඩ ලොක්කා. ඉන්දියාවේදී මිය යැමෙන් අනතුරුව එම කලියේ සාමාජිකයන්ගේ දසාවදනරක අතට හැරිණි.  සොල්ටා පොලිස් අත්අඩංගුවට පත් වන්නේ මනුෂ්‍ය ඝාතනයකට සැක පිටය.එලෙස අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී සැගවූ ආයුධ තොගයක් ගැන තොරතුරු හෙළි විය. බස්නාහිර උතුර විශේෂ මෙහෙයුම් ඒකකය කළ මෙම විමර්ශනයේදී සොල්ටා,සැගවූ ආයුධ පෙන්වීමට එකගවිය. ඔහුගේ නිවෙස පිහිටා ඇත්තේද  මුල්ලේරියාව පොලිස් වසමේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත්තේය.  

එම නිවෙස වෙත කළුදවාගෙන ගියවිට අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතු සොල්ටා, ආයුධ අතර තිබු අත් බෝම්බයක් ගෙන පොලිස් කණ්ඩායමට එල්ලකිරීමට යන්නේ විරුද්ධකලි සාමාජිකයන්ට දැමු සෙල්ලෙම පොලිසියටත් දැමීමට සිතාගෙන විය යුතුය.එහෙත් ඒ අවස්ථාවේ පොලිසිය එල්ල කළ වෙඩි පහරින් සොල්ටා මිය යන්නේ අවට වැසියන්ට සැනසුම් සුසුම් හෙළීමට ඉඩ හසර ලබාදෙමිනි.  සොල්ටා මියගිය පසු අංගොඩ ලොක්කාගේ කලිය තවත් දූර්වල වූ නමුත් රණාලේ සමයං ඝාතනය වූවත් ඔහුගේ ගෝල බාලයන් පෙර මෙන්ම මැර ක්‍රියාවල නිරත වෙමින් කටයුතු කළේ ලොක්කා නැතිවුණාට ඕනැතරම් ලොක්කන් සිටින බව පෙන්වමිනි.

සොල්ටාද හොඳ හැටි සල්ලි හම්බකළ බව චතුවා ඇතුලු අංගොඩ ලොක්කාගේ කල්ලියේ ඉතිරිව සිටිවුන් දැන සිටින්නට ඇත.ඒ මුදල් රන් ආදිය තිබෙන්නේ සොල්ටාගේ පෙම්වතිය සතුව බවටද මොවුන් සැකකරගෙන සිටියේය. පසුගිය මාසයේ අවසන දින කිහිපයේදී චතුවා, සොල්ටාගේ පෙම්වතිය නිවෙසට යමින් ඒ මුදල් හා ආබරණ තමන්ට දෙනමෙන් තර්ජනය කරන්නට වූයේ ඒවා අරන් තියන්නට දුන්නේ තමන් යැයි සිතාගෙන වැනිය.   පසුගිය මස 29 වැනිදා සවස5.30 පමණ  වෙද්දී චතුවා මෙම නිවෙසට එන්නේ  යතුරුපැදියකින් තව මිතුරකුද සමගය. මේ වනවිට එම නිවෙසේ සිටියේ සොල්වාගේ‍ පෙම්වතියගේ මව, පියා  28 හැවිරිදි සහෝදරයා පමණි,ඇය මේ නිවසේ කල් ගෙවන්නේ නැත.  එදින එම නිවැසියන්ට හයිකාරකම් පෙන්වූ චතුවා,රුපියල් පහලොස් දහසක කප්පමක් ගන්නේ හෙට දිනයේ පැමිණෙන විට සොල්ටා දුන් අබරණ හා මුදල් ලැස්තිකර තබන ලෙසට තර්ජනය කරමිනි.  නිවෙසේ පියාද ලෙහෙසි පහසු අයකු වන්නේ නැත. ඇට්ටා යන අනවර්ථ නාමයෙන්  හඳුන්වන ඔහු, එතරම් බය ඇති පුද්ගලයකු නොවීය. එහෙත්මේ කොල්ලත් සමග හරි හරියට හැප්පීමට ඔහු මැලිවන්නට ඇත්තේ ජිවිතය ගැන සිතාවිය යුතුය. පසුදාට පහන්විය.

ඇට්ටා ඇතුලු පවුලේ අය දවස ගෙවා දැම්මෙ දැඩි පීඩනය ඇතිවය.ඒ චතුවා කොයි  මොහොතේ කඩා  පාත් වේයිදැයි සැකයෙනි.  හිරු අවරට යමින් තීබීණි.  වේලාව සවස පහ මාර වෙද්ද චතුවා මේ නිවසට එනනේ පෙරදින මෙන් මිතුරකු සමග යතුරුපැදියෙනි.  මිතුරා සමග නිවෙසට ඇතුලු වූ චතුවා,මුලින්ම කරන්නේ නිවෙසේ ඉදිරිපස දොර වසා දැමීමයි.



'වෙඩි තියල තොපි ඔකොම මරල දානවා.  දන්නවානේ මම කවුද කියලා.  

මර්ඩර් දෙකක් ගහො ඉන්නේ, තව එකක් ගහන එක මට සිම්පල් මොකද යන්න තියෙන්නේ එක එල්ලුම් ගහයිනේ.. ලෙසින් කියමින් තර්ජනය කරන්නට විය.

'සොල්ටගේ රත්තරනුයි සල්ලියි තියෙන්නේ‍ උඹලගෙ ළග. ඒක මට දීපං.නැත්නම් උඹලට යහතින් ඉන්න ලැබෙන්නෑ .තොපි  සේරම වෙඩි තියල මරල දානවා ලෙසින් තර්ජනය කළචතුවා, නිවැසියන් සතු ජංගම දුරකතන සිය භාරයට ගත්තේය.

මෙදින ද නිවෙසේ සිටියේ මව,පියා(ඇට්ටා) හා පුතා පමණි. ඇට්ටා මේ තර්ජන හමුවේ නොසැලී සිටිද්දී ඔහු අල්ලා කාමරයකට දමා දොර වසන්නට පියවරගත් චතුවා,ඊළගට කළේ ඇට්ටාගේ තරුණ පුතාට පහරදීමයි. මාව මරන්න එපා ලෙසින් පුතා කෑගසද්දී ඇට්ටාට ඉහිලුම් දුන්නේ නැත,එම කාමරයේ දොර අගුලු දැමීමටද නොහැකි බැවින් ඇට්ටා දොර ඇරගෙන වහා සාලයට පැමිණියේ පුතා බේරා ගැනීමේ අරමුණෙනි.  ඒ එනවිටත් පුතාගේ සිරුර ලෙයින් තෙත්ව තිබිණි.ඔහුට චතුවා විසින් පිහි පහර කිහිපයක්  එල්ලකර තිබූ අතර අතකට බරපතල තුවාල සිදුව තිබිණි.

' තාත්තේ.. මාව මරනවා, අනේ මාව බේරගන්න”ලෙසින් පුතා නගන විලාපය මේ තාත්තාට අසා සිටීමට හැකි වූයේ නැත.එහෙත්මේ මැරයන් දෙදෙනා සමග තනිව පොර බදන්නටද හැකියාවක් නැත.  කුමක් වුවත් කමක් නැතැයි සිතු පියා,වහා ඉදිරිපස දොර විවෘත කරගෙන එලියට පනින්නේ අසල්වැසියන්ගෙන් ආධාර ලැබේයැයි සිතුවිල්ල අනුවය. මේ ප්‍රදේශය සොර සතුරන්ගෙ ගහනය.ඒනිසා ගම්මු එක්ව හොරුන්ගෙන් ගම බේරාගැනීමට සංවිධානයක්  සාදාගෙන තිබිණි. ඔවුන් කතිකා කරගෙන තිබුණේ එක් නිවෙසකට හොරකු පැමිණියහොත් සියල්ලන්ම  එකතු වී හොරා වටකොට අල්ලා පහරදී පොලිසියට බාරදීමටය. ඒ අනුව ඇට්ටා ආධාර ඉල්ලා කැගසද්දී අවට නිවෙස්වල පිරිස් දෙසට දිව එන්නට වූයේ පොලු මුගුරුද රැගෙනය.  මින් බියටපත් වු චතුවාත් මිතුරාත් වහා යතුරු පැදිය පන ගන්වා ගන්නේ හැකි ඉක්මනින් මෙතැනින් පලායැමටය.


මිතුරා යතුරු පැදිය පන ගන්වනවාත් සමග චතුවා පිටුපසට ගොඩවිය.පැදිකරු යතුරු පැදීය එක්වර රේස් කොට වේගයෙන් ඉදරියට ගැනීමත් සමග සමබරතාවයකින් තොරව පිටුපස අසුනේ එල්ලී සිටි චතුවා බිම ඇදවැටිණි.මිතුරා හැකි   වේගයෙන් එම ස්ථානයෙන් පලාගියේය.  එතැනට එවූ පිරිස දුටු චතුවාට දොලාව රත්  වන්නට ඇත.වහා නැගී සිටි චතුවා හැකි උපරිම  වේගයෙන් එම ස්ථානයෙන් දිවයන්නට වූයේ තමන්ට වැරදුන බවද සිතමින් වියයුතුය.

මේ  සද්දයට එතැනට නොපැමිණී අයකු නොවීය. නිවැසියන්, මහපාරේ ගමන් කරන්නන් මෙන්ම අසල කර්මාන්ත ශාලාවල සේවකයන්ද පැමිණ,දිව යන චතුවා පසු පස පන්නන්නට වූහ.  මීටර් 100ක පමණ දුරක් දිව යැමට චතුවාට හැකි විය.  ඊළග නිමේෂයේදී චතුවා මේ පිරිසට කොටු වන්නේ අවුරුදු 10ක පමණ කාලයක් දැමූ සෙල්ලම් මතකයට නංවමිනි. මොහුට පහර දුන්නේ කවුද නොදුන්නේ කවුදැයි  කියන්නට දන්නේ නැත.එහෙත් නැගිට ගන්නට බැරිවන තුරුම,හතර හන්දි කැඩෙන තුරුම පහර එල්ලවී ඇති බව පෙනෙන්නට තිබිණි.  මේ සිද්ධිය 119පොලිස් හදිසි ඇමතුම් අංකයට කියන්නේ එතැනට පැමිණ සිටි පුද්ගලයකු විසිනි.

විමර්ශන ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.  චතුවා වයස අවුරුදු 28කි.රණාලේ සමයං සිටි සමයේ ඔහුට හේත්තු වී අපරාධ රැසකට සම්බන්ධ වු චතුවා පසුව ඌරු ජුවාට සම්බන්ධවිය. එ සමයං ඝාතනය විමෙන් අනතුරුව එම පුරප්පාඩුව සියතට ගැනීමටඋරු ජුවා උත්සාහ කරමින් සිටි නිසාය.  කනන්තගේ ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්දාද සමයං කල්ලියේ වෙඩික්කරුවෙකි.සමයං ඝාතනය විමෙන් අනතුරුව එම පුටුවට ඒමට උත්සාහ කළ බැවින් සමයං කල්ලිය දෙකඩ විය. චතුවා ඌරු ජුවාගේ පැත්තට ගිය අතර එම කලියේ සිටින ලලිත් යන අය ඉන්දාගේ පැත්තට ගොස් ඌරු  ජුවාට ඔත්තු සැපයීය.



ඉන්දාගේ හිතවතකු වු වැලි රාජු නැමැත්තාගේ වැලි තොටුපොළේ කටයුතු බාරගෙන සිටි තාරක නමැති තරුණයාගෙන් කප්පම් ඉලන්නට එන චතුවාට පහර දීමට තාරක ඇතුලු පිරිස කටයුතුකර තිබිණි.  මෙම පහරදීම්මන් අනතුරුව දැඩි ලෙස කිපෙන චතුවා,තාරක මරාදමන්නේ ඇඹුල්ගම පාසල් ක්‍රීඩාංගණයේ වොලිබෝල් ගසමින් සිටියදීය. මෙයින් කිපෙන , ඇඹුල්ගම හන්දියේ හෝටලයක් පවත්වාගෙන ගිය ජීවන් යන අය මරාදමන්නේ කැලි වලට වෙන් වන තරමට කපා දමමිනි. ඒ තාරක ඝාතනයට ඌරු ජුවාට සහායදුන්නේ ජීවන්යැයි සැකය නිසාය

මේ සියල්ල සිදුවන්නේ ඌරු ජුවාව ඇතුලේ සිටියදීය.  ජංගම දුරකතන උපයෝගීකර  ගනිමින් ඔහු සිය ගෝලබාලයන්  මෙහෙයවමින් මෙ ඝාතන සිදු කළ අතර ජීවන් ඝාතනයත් සමග ඌරුජුවා බෙහෙවින් කම්පාවට පත්විය. ඔහුගේ ඉලක්කය වූයේ හැකි ඉක්මනින්  ඉන්දා මරාදැමීමයි. 2019 වසරේ සැප්තැම්බර්මස 15වැනිදා, ඉන්දා මිතුරන් පිරිවරාගෙන අවිස්සාවෙල්ල පැත්තේ ඇල්ලකට යන්නේ දිය නාමින් විනෝදවීම සඳහාය. මේ ගමනට ලලිත්ද  එක්ව සිටියත් ඔහු  ආවේ තමන් ගැන ඌරුජුවාට ඔත්තු දෙන්නටයැයි ඉන්දා සිහිනයකින්වත් නොසිතන්නට ඇත. හොඳ හැටි කාබී දීය නා විනෝදවී ආපසු එන්නට පිටත්වෙද්දී ඉන්දා ගමන් ගත් මෝටර් රථය පැදවූයේ ලලිත්ය.  ඇඹුල්ගම පදිංචි ඉන්දා,ඇඹුල්ගම හන්දියට එනවිට වේලාව රාත්‍රී හතහමාර පමණවී තිබිණි. එම ස්ථානයේදී මෝටරය නවත්වන්නේ කඩල කාරයාගෙන් කඩල ගොටු මිලදීගැනීමටය.ඒවන විට ඌරු ජුවාගේ ගෝලයන් එම ස්ථානයේ සැගවී සිටියේ ලලිත්ගේ දැනුම් දීමට අනුවය.

-තක්ෂිලා ජයසේකර-