Man-Saves-Boys-Life-Choking-at-a-Restaurant

එක්සත් ජනපදයේ විස්කොන්සින් හි අවන්හලකදී, ආහාරයට ගත් යමක් නිසා හුස්ම හිරවීමෙන් පිරිමි ළමයෙකු බේරා ගන්නට එහි සේවය කරන සේවකයෙකු සමත්වූ වීඩියෝවක් එරට අන්තර්ජාලය තුළ ප්‍රකට වී තිබේ.


කිසිදු විධිමත් පුහුණුවක් නොමැතිව, ඔහු හයිම්ලිච්  Heimlich නමැති ප්‍රථමාධාර ක්‍රමය සිදු කර තිබුණි ආගන්තුක වස්තූවක් ඉහළ ස්වසන මාර්ග අවහිරතා ඇති කරන අවස්ථාවල ප්‍රතිකාර කිරීම සඳහා උදර තෙරපුම ප්‍රථමාධාර ක්‍රියාවලියක් ලෙස භාවිත කිරීම මෙහිදී සිදුවේ.
පිරිමි ළමයාගේ උගුරේ සිරවී තිබූ කුකුල් මස් සැන්ඩ්විච් විශාල කැබැල්ලක් මේ අනුව ඉවත් කළේය. සිද්ධියේ වීඩියෝවක් CCTV කැමරාවක සටහන්ව තිබු අතර එහි දැක්වෙන පරිදි සේවකයා පිරිමි ළමයා පසුකර යන විට පිරිමි ළමයා ඔහුගේ උගුර අල්ලාගෙන සිටින ආකාරය අනුව කරදරයක සිටිනු දකී. අනතුරුව ඔහුව පිටුපසින් අල්ලාගෙන  ඔසවා හයිම්ලිච් ප්‍රථමාධාරය සිදු කරයි.
පිරිමි ළමයා වහාම චිකන් සැන්ඩ්විච් කෑල්ලක් ඉවතට විසි කරයි. නමුත් ඔහුගේ උගුරේ වැඩි අවහිරතාවයක් ඇති බව පෙනේ. එබැවින්, කනස්සල්ලට පත් කාන්තාවන් දෙදෙනෙකු ඔවුන් දෙස බලන විට සේවකයා ක්‍රියාවලිය දිගටම කරගෙන යයි. ඔවුන්ගෙන් එක් අයෙක් පිරිමි ළමයාගේ මව වන අතර, ඇය උදව් ඉල්ලීමට උත්සාහ කරන නමුත් පිරිමි ළමයාට උදව් කරන පුද්ගලයා දැකීමෙන් අදහස අත්හැර දමයි. මේ අතර, අනෙක් කාන්තාව 911 හදිසි උපකාරක අංකයට කතා කරයි. වාසනාවකට මෙන්, සේවකයාගේ මැදිහත්වීම නිසා, පිරිමි ළමයා සැන්ඩ්විච් හුස්ම හිරවීමෙන් බේරුණි.
අදාළ වීඩියෝව පහතින්