ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙළිනාට්‍ය රගපාන නළුවෝ වගේ වෙන්න නොවෙයි. ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින්න . ඒක කරන්න බැරිනම් අපි මේවා ගලවලා දාලා යන්න ඕනේ යැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
වාද්දුව ශුද්ධාත්ම දෙව් මැදුරේ නවීකරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් උන්වහන්සේ ඊයේ මේ බැව් පැවසූහ.
පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පවත්වපු කොමිෂන් සභා වාර්තාවල යම් යම් දේවල් සදහන් වෙලා තියෙනවා . මතුපිටින් පෙනෙන දේට වඩා යටින් ඊට වඩා ලොකු වැඩපිලිවලක් තිබුනා කියලා අපිට එන්න එන්නම වැටහෙනවා. ඒකට සාධක ගොඩක් තියෙනවා . අපිට කාගන්වත් පලිගන්න ඕන කමක්, රුදාවක් නැහැ. නමුත් අපිට ඇත්ත දැනගන්න ඕනෑ යැයිද උන්වහන්සේ පැවසූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval