රිලායන්ස් සමූහයේ සභාපති මුකේෂ් අම්බානී අභිබවා අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඉන්දියාවේත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන අන්දමට, ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට කැපී පෙනෙන ලෙස වර්ධනය වීම විශේෂත්වයකි.
එතැන් සිට ගත වූ මාස විස්සක කාලය තුළ ගෞතම් අදානින්ගේ වත්කම් ඩොලර් බිලියන 83.89කින් ඉහළ ගොස් ඇති බව ද පැවැසෙයි.
මුකේෂ් අම්බානිගේ වත්කම්ද එම කාලය තුළ සියයට 250කින් ඉහළ ගිය ද සෞදි ‘ඇරැම්කෝ ' ඛනිජ තෙල් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම අත්හැරිමත් සමඟ රිලායන්ස් සමූහය' පසු බෑමකට ලක් විය. එහිදී අදානි සමූහයේ කොටස් වැඩි මිලකට ඉන්දියානු කොටස් වෙළෙඳපොළේ හුවමාරු වූ අතර, අදානි පෝට්ස්' කොටස් මිලද සියයට පහකින් ඉහළ ගිය බව පැවැසෙයි. කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන්නේ ද අදානි පෝට්ස්” සමාගමය.-
Comments
Post a Comment
Your comment will be visible after approval