What-happened-to-Melania-after-Trumps-defeat

මෙලනියා ට්‍රම්ප් කාලයක් ලෝකයේ ප්‍රධාන මාධ්‍ය වල පුවත් මැවූ ඇමරිකාවේ පළමු කාන්තාව දැන් නිහඩ ජීවිතයක් ගත කරමින් සිටින්නීය. ඇය සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි මාසයේදී ධවල මන්දිරයෙන් පිටව ගිය දා සිට විවිධ කටකතා නිර්මාණය විය. ඇතැමුන් කියුවේ ඇය ඔහුගෙන් දික්කසාද වන්නට යන බවකි.  නමුත් තවම එවැන්නක් සිදුවී නැත. ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටීම් සීමාකර බොහෝ දුරට නිහඬව සිට ඇත. ඩොනල්ඩ් තවමත් ඔහුගේ කාර්යාලයේ සිට ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටි නමුත් මෙලනියා ඇගේම දේ කරමින් නිහඬව ළමුන් සහ මානසික සෞඛ්‍ය දැනුවත් කිරීම සඳහා ප්‍රචාරක කටයුතු කරයි.


ට්‍රම්ප් 2024 දී නැවත ජනපතිවරණයට ඉදිරිපත් වන්නට උත්සාහ දරන බව පසුගිය මාසයේ ඉඟි කළ අතර ඒ සමග මෙලනියාගේ ඊට ප්‍රතිචාරය සොයන්නටද මාධ්‍ය උනන්දු විය.
නමුත් ඇය සැමියා මෙන් ඉදිරිපත්වන්නට බැරි බව දක්වා මාධ්‍ය අවධානයට නොකැමැත්ත පළ කළාය.
වොෂින්ටන් වෙත නැවත පැමිණීමට උනන්දුවක් දක්වා නැත. සීඑන්එන් පුවත් සේවයට අනුව, මෙලනියා සිය ජීවිතයේ එම කාල පරිච්ඡේදය අවසන් කර හිත හදාගෙන අවසන්ය. ඇයගේ මිතුරියන් උපුටමින් ඇගේ අදහස් වාර්තා කර තිබෙන අතර "නැවතත් ජනාධිපති ආර්යාව වීමට මට අවශ්‍ය නොවේ. එය අවසන්, එය එපමණයි,"
ඇය පැවසූ බව වාර්තා කර තිබේ.
හිටපු ජනාධිපති ආර්යාව දිනකට දෙවරක් ‘ස්පා‘ වෙත ගොස් මිතුරන් සමඟ දිවා ආහාරය ගැනීමට හෝ ඇගේ සැමියා ඩොනල්ඩ් සමඟ රාත්‍රී ආහාරය ගැනීමට බටහිර පාම් බීච් හි පිහිටි ඔවුන්ගේ මාර්-ඒ-ලාගෝ නිවසේ  කාලය ගත කරන බව  වාර්තාවේ.
ඩේලි මේල් පුවත්පතට අනුව, මෙලනියා ට්‍රම්ප්  මේ සතියේ ‘තෑන්ක්ස් ගිවින්ග්‘ නිවාඩුවට පෙර ෆ්ලොරිඩාවේ පාම් බීච් හි 4KIDS නම් ස්ථානයකට හදා වඩා ගත් දරුවන් සහ පවුල් සමඟ සංචාරය කිරීමට කාලය ගත කළාය. ඇය දවස ගත කළේ ළමයින් සමඟ අත්කම් නිර්මාණය කරමින්, එම පවුල්වල කතාවන්ට සවන් දීම සහ සමහර තරුණ වැඩිහිටියන් සමඟ සාකච්ඡා පවත්වමිනි.
මෙලනියා සිය සංචාරයේ ඡායාරූප කිහිපයක් ට්විටර් හරහා බෙදාගත් අතර ඇයට ඔවුනට ස්තූතිය පිරිනැමීමට අවශ්‍ය බව පැවසුවාය.
(නිකීස්විෆ්ට් ඇසුරිනි - Gossiplankanews.com)