The man who crashed his vehicle and helped save the driver who was in need

රිය අනතුරු, විශේෂයෙන්ම  එකිනෙක ගැටීම්, ජීවිතයට තර්ජනයක් විය හැකි බව අපි කවුරුත් දන්නවා. නමුත් මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ජීවිතයක් බේරා ගත හැකි බව  පැවසුවහොත් විශ්වාස කළ හැකිද?  තම මෝටර් රථය පාලනය කරගත නොහැකිව සිහිසුන් වූ රියදුරු කාන්තාවකගේ ජීවිතය බේරා ගැනීම සඳහා  නෙදර්ලන්තයේ පුද්ගලයෙකු සිය මෝටර් රථය හප්පාගෙන පූජා කළේය. වීඩියෝවේ දැක්වෙන්නේ පාලනයෙන් මිදී ඇති බවක් පෙනෙන මෝටර් රථයක් අධිවේගී මාර්ගයක් අසල තණකොළ පෙදෙස මත අස්ථාවර වේගයකින් ගමන් කරන ආකාරයයි. මෝටර් රථය ආරක්ෂක වැටේ ගැටුණද, එය දිගටම ගමන් කරයි.

වැඩි කල් යන්නට මත්තෙන් එය නවතින්නේ තවත් මෝටර් රථයක් එය ඉදිරියෙන් ධාවනය කර එහි පිටුපසට හැප්පීමට ඉඩ දී එය නවත්වන නිසාය.
මෙම මෝටර් රථ දෙක පිටුපසින් ගමන් ගත් මෝටර් රථයක ඩෑෂ් කැමරාවක මෙම සිදුවීම සටහන්ව තිබුණා.

එම වීඩියෝවේ ශීර්ෂ පාඨය වූයේ, “අවසිහියෙන් සිටි රියදුරුවරිය බේරා ගැනීමට මිනිසා තම මෝටර් රථය පූජා කරයි” යනුවෙනි.
සිකුරාදා දහවල් නෙදර්ලන්තයේ නන්ස්පීට් හි මෙම සිදුවීම සිදු වූයේ වාහනය හප්පන්නට දුන් පුද්ගලයාවූ හෙන්රි ටෙමර්මන්ස් නිවසට ආපසු යන අතරතුරය.
“මම දැක්ක දේ හොඳ නැහැ. කාන්තාවට තවදුරටත් සිහිය නැති බව පැහැදිලි වුණා, ”ටෙමර්මන්ස් මහතා පැවසීය.
එවිට ටෙමර්මන්ස් මහතා මෝටර් රථයට ඉදිරියෙන් ගොස් කාන්තාවට ඔහුගේ මෝටර් රථයේ පිටුපස ගැටීමට සලසනා ඇගේ වාහනය නතර කරවීය.

ටෙමර්මන්ස් මහතා එම අවස්ථාවේ කාන්තාව වමනය කර ඇති බව දකින අතර ඇයට උදව් කිරීමට උත්සාහ කරයි. ඔහු හදිසි අංකයකටද කතා කරයි. පොලිස් නිලධාරීන් ටික වේලාවකට පසු පැමිණ උපකාර කර ඇත.
එම කාන්තාව අසාධ්‍ය තත්වයේ ප්‍රතිකාර ලබමින් පසුවේ. ඇගේ රෝගය පැහැදිලි නැත.


මෙම වීඩියෝව ලක්ෂ ගණනක් නරඹා ඇති අතර යුරෝපීය රටවල සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සාකච්ඡා ඇති කර තිබේ. බොහෝ අය ටෙමර්මන්ස් වීරයෙකු ලෙස සඳහන් කර පසසා ඇත.
Video පහතින්