අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේය.
අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක හිමි බැහැ දැක පළමුව උන්වහන්සේගේ සුවදුක් විමසා සිටි අග්‍රාමාත්‍යතුමා අනතුරුව උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය සහ ඉඩම් අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන ,උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත් මහත්වරු ඇතුළු කිහිප දෙනෙක් සහභාගි වූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval