Six-persons-arrested-for-digging-for-gold-buried-during-the-war-mannar

මන්නාරම ප්‍රදේශයේ යුද සමයේදී වළ දැමූ බවට සැක කෙරෙන රත්‍රං තොගයක් සොයා කැනීම් කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.





රත්‍රන් සොයා කැණීම් සිදුකරන පිරිසක් සිටින බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත මන්නාරම පොලිසිය මන්නාරම යුද හමුදා කඳවුරේ නිලධාරීන් සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකර වළක් හාරමින් සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
මෝටර් රථයක්, ජෙනරේටරයක් සහ කැණීම් සඳහා යොදාගත් දේපළ ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26ත් 60ත් අතර වයස්වල පසුවන හෙට්ටිමුල්ල, කුටියකුඹුර, පානදුර, බොරලන්ද සහ හල්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.