ත්‍රෛනිකායික අනුනායක නාහිමිපාණන් වහන්සේ ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහා සංඝරත්නය විෂයෙහි “සඳහිරු සෑය” අභියස දී අද (19) දහවල් සංඝගත දක්ෂිණාවක් පැවැත්විණ.
දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධයෙන් මියගිය රණවිරුවන්ටත්, සෙසු සියලු දෙනාටත් පිං පැමිණවීම සහ රටවැසි සියලු දෙනාට සෙත් පැතීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පිංකම සිදුකරනු ලැබීය.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්, ආරක්ෂක ලේකම් ප්‍රධාන රාජ්‍ය නිලධාරීහු, ත්‍රිවිධ හමුදාපතිවරු, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප: ශාමික වක්වැල්ල, ඩී. සමරකෝන් - (ජනාධිපති මාධ්‍ය අංශය)
Comments
Post a Comment
Your comment will be visible after approval