ලබන නොවැම්බර මස 21 වන දින එනම් තව දින 3 කින් සිදුවන ග්‍රහමාරුවක් නිසා සුවිශේෂ දේවල් සිදුවන බවට අනාවැකියක් පළ කර තිබේ.මෙම අනාවැකිය පළකරන්නේ ප්‍රකට ජ්‍යොතිෂ්‍යඥ ආචාර්ය ජීඑම් ගුණපාල මහතාය.
ඔහු පුවත්පතකට අදහස් දක්වා ඇති පරිදි 21 වනදා උදේ 4.15 ට බුධ ග්‍රහයා වෘශ්චික රාශියට ගමන් කරන අතර සෞම්‍ය ගුණයෙන් යුතු බුධ ග්‍රහයාට අසුබ ග්‍රහ රාශියකට පිවිසීම මෙන්ම 25 වනදා කේතුට සංයෝග වීමත් රවි ග්‍රහයා සමග ගමන් කිරීමත් නිසා මෙම පලවිපාක ඇති කරනු ඇත.
- රට රටවල රහස් සංවිධාන හිස එසවීම
- කුමන්ත්‍රණ සිදුවීම
- සාපරාධී ක්‍රියා ඉලිප්පෙන සිදුවීම් මතුවිම
- රාජ්‍යයන් බිඳ වැටීම
- නාවික අනතුරු
- මුහුදු කොල්ලකරුවන්ගේ භයානක විෂමාචාර ක්‍රියා
- නාවික අපරාධ ක්‍රියාවන් වාර්තාවීම
Comments
Post a Comment
Your comment will be visible after approval