Kim-Kardashian-Pete-Davidson
හොලිවුඩ් කලා ලෝකයේ ආකර්ෂණීයම කාන්තා නිරූපිකාව ලෙස සැලකෙන කිම් කාර්ඩෂියන් නැවත පෙම්වතියක වූ ආරංචිය ආන්දෝලනාත්මකව වාර්තා කර තිබේ.


දරුවන් 4 දෙනෙකුගේ මවක වන 41 හැවිරිදි වියේ පසුවන කිම් කාර්ඩෂියන් පසුගිය පෙබරවාරියේ ඇගේ සහකරු කන්යා වෙස්ට්ගෙන් දික්කසාදවීමට තීරණය කළ අතර අනතුරුව ඇය 28 හැවිරිදි තරුණයෙකු හා පෙමින් වෙළී ඇත.
 කිම් සහ තරුණයා පීට් බදාදා දින කැලිෆෝනියාවේ පාම් ස්ප්‍රින්ග්ස් හි පිට්ගේ උපන්දිනය සමරමින් සිටියදී ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර මාධ්‍ය ඡායාරූප වලට හසුවිය.
Kim Kardashian ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් වල රසිකයන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඒ තම පෙම්වතා බව පිළිගෙන ඇත.මෙම තරුණයා පීට් මීට පෙර ප්‍රසිද්ධ කාන්තාවන් රැසක් සමඟ ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ අයෙකි.
පැපරාසීන්ගේ ඡායාරූපකරණයට හසුවූ කිම් හා පෙම්වතාගේ රූප කිහිපයක් පහතින්
(ඩේලි මේල්ඇසුරිනි - Gossiplankanews.com)