Announcements-from-Litro-and-Laugfs-about-gas-explosion-charges

මසක් ඇතුළත ශ්‍රී ලංකාවේ දැනුවත්ව සිදුවූ තැන් හතරක ගෑස් සිලින්ඩර පිපිරීම් සිදුවීම් වාර්තා වීමෙන් පසු ජනතාව තුළ ගෑස් සිලින්ඩරවල පුරවන වායු ප්‍රමිතිය ගැන සැක සංකා මතුව තිබේ.
පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයා දන්වා ඇත්තේ  පුරවන වායු ප්‍රමිතිය වෙනස් කිරීම සිදුකරන්නට යද්දී තමා විරුද්ධ වුවත් ඇහුම් කන් නොදුන් කතාවක් වන අතර ඔහු පවසන්නේ සීත රටවල ගෑස් පුරවන ආකාරයේ සංයුතියකින් දැන් ගෑස් පුරවා ඇති නිසා උණුසුම් රටක්වූ ශ්‍රී ලංකාවේ එලෙස පුරවන සිලින්ඩර පිපිරීමේ සම්භාවිතාවක් මතුව ඇති බවයි.


මේ අතර අද දින රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක සමග දේශපාලනඥ ලසන්ත අලගියවන්න එකට පැමිණ මේ සම්බන්ධ අවදානමක් නැති බවට ප්‍රකාශයක් කර තිබෙන අතර එහිදී මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ ගෑස් පිපිරීම සම්බන්ධ වාර්තාව අනුව වායු සංයුති ප්‍රශ්නයක් නැතැයි කරුණු කියන ලදි.
නමුත් එම ප්‍රකාශයන් පමණක් මෙම සැකය තුරන් කිරීමට ප්‍රමාණවත්වී නැති අතර රස පරීක්ෂක ආයතනය ස්වාධීන විය යුතු නමුත් දේශපාලකයින් සමග පැමිණ මාධ්‍ය හමු පැවැත්වීම ගැටලුකාරී බවද ඇතැමුන් පෙන්වාදී ඇත.
සැකසහිත ආරංචි පැතිරෙද්දී ලිට්රෝ ගෑස් සමාගමේ වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂවරයා මාධ්‍ය හමුවක් පවත්වා ඔවුන්ගේ ගෑස් ප්‍රමිතිගත බවට විස්තරකර තිබේ.
එසේම ලාෆ්ස් ගෑස් සමාගමද තම ගෑස් ප්‍රමිතිගත බවත් පැතිරෙන කටකතා විශ්වාස නොකරන ලෙසත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
එම දැනුම් දීම් පහතින්