An-alternative-from-the-Navy-to-replace-the-Kinniya-ferry

කින්නියා කුරිඤ්ඤන්කර්නි පාලම ඉදිකිරීමේ කටයුතු අවසන් වන තෙක් මගීන්ට ආරක්ෂිතව ගමන් කිරීම සඳහා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් මෝටර් යාත්‍රාවක්  යොදවා තිබෙයි.
එකවර මගීන් විසි පස් දෙනෙකු ප්‍රවාහනය කිරීමට හැකියාව ඇති මෙම යාත්‍රාවට ගොඩවීම සඳහා තාවකාලික ජැටියක්ද නාවික හමුදාව විසින් ඉදිකර ඇත.


රජය මගින් පාලම ඉදිකිරීමේ කටයුතු මේවනවිට කඩිනම් කර ඇති අතර මාස 9 කින් තනා නිම කරදෙන්නැයි දන්වා ඇත.
මෙම ස්ථානයේ සිට ගමන් ගත් පාලම් පාරුව පෙරලී ජීවිත හයක් අහිමිවීමේ ඛේදවාචකයෙන් පසු පාලම ඉදිකිරීම මගහැරිය දේශපාලකයින්ට ප්‍රහාර දියත්විය. විකල්ප බස් රථයටද ගල් මුල් එල්ල විය.
කෙසේ වෙතත් නව මෝටර් බෝට්ටුවට මගීන් කැමැත්තෙක් ගොඩවී එය ක්‍රියාත්මක මට්ටමට ගෙන ආ බව නාවික හමුදාව දන්වා සිටී.