කොතලාවල පනතට එරෙහි විරෝධතාවට සහභාගි වීම නිසා අත්අඩංගුවට ගත් සිසු ක්‍රියාකාරීන් පස්දෙනෙකු හෝමාගම අධිකරණය ඊයේ (11) ඇප මත නිදහස් කර තිබේ.
අගෝස්තු 3 වනදා පැවතී විරෝධතාවයේදී මොවුන් අත්අඩංගුවට පත්වූයේ පොදු දේපළ වලට හානිකළ බවට චෝදනා කරමින් වුවත් එහිදී සිදුවූ විශේෂිත හානිය නම් මහරගම පොලිස් ස්ථානාධිපති එච්.එච්. ජනකාන්ත මහතාගේ ඇඟිලි තුනක් අහිමිවන පරිදි බැරියර් එකක් ඉවත්කිරීමේදී සිදුවූ අනතුරකි.
මෙම අනතුර සිදුවූ විරෝධතාව සංවිධානය කළ නිසාදෝ චමීර කොස්වත්ත, කෝෂිලා හංසමාලි, වසන්ත මුදලිගේ, හේෂාන් හර්ෂණ, අමිල සන්දීප යන අය දින 100 යකට ආසන්න කාලයක්
රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
මෙහි විශේෂිත කාරනාවක් වන්නේ අත්අඩංගුවට පත්ව දින සියයක් රඳවා සිටි ඇතැමුන් එම උද්ඝෝෂණයට එක්වූ අය නොවීමය.
මෙයින් පෙරටුගාමී දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහ සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි පොලිසිය නගන චෝදනා වලට සාක්ෂි නොමැතිව අත්අඩංගුවේ තබා ගෙන සිටි බවට අධිකරණයේ කරුණළුු ගොනු කළත් ඔවුන්ට සින් පෙර අවස්ථාවලදීවත් ඇප නොලැබිණි.
කෝෂිලා හංසමාලිගේ නම පොලිසිය විසින් කඩුවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන් නොවීමද විශේෂත්වයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval