අද දින පාර්ලිමේන්තු සභාවාරයේදී බුද්ධිමය දේපළ පනත යටතේ ඇති කලා කෘති ආරක්ෂා කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ යෝජනාව අතරතුර ඇතිවූ සංවාදයේදී
ශ්‍රී ලංකාවේ කලාකරුවන් සම්බන්ධ ගැටලු ගැන කථාබහට ලක් කෙරුණ අතර එම යෝජනාවේදී යොහානි ද සිල්වා ගායිකාවගේ ගීතයක් ජාත්‍යන්තරයට යාම සම්බන්ධ කිහිප දෙනෙකු අදහස් දක්වන ලදි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට කතා කිරීමට අවස්ථාව ලැබූ වේලාවේ එම ගීතය තම ජංගම දුරකථනයෙන් ක්‍රියාත්මක කර සභාවේ මයික්‍රෆෝනය ඔස්සේ ප්‍රතිනාදය වන්නට සැලැස්වූ අතර ඔහු කියා සිටියේ ඇයට කරන ගෞරවයක් ලෙස එසේ කරන බවයි. එම අවස්ථාවේ මුලසුනින් ඊට විරෝධයක් එල්ල නොවීය.
එම අවස්ථාවේ විඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval