samsung-boss-convicted-fined-for-anaesthetic-misuse

ලොව විශාලතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා වන Samsung Electronics හි උප සභාපති සහ Forbes සඟරාවට අනුව ලෝකයේ 238 වැනි ධනවත්ම පුද්ගලයා වන Lee හට සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් වොන් මිලියන 70ක (රු ලක්ෂ 120) දඩයක් නියම කළ බව Yonhap පුවත් ඒජන්සිය අද වාර්තා කළේය.
වසර ගණනාවක් පුරා සෝල් හි ප්ලාස්ටික් සැත්කම් සායනයක නිර්වින්දනය සම්බන්ධ තහනම් ඖෂධයක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය.Propofol නමැති මෙම ඖෂධය කළු ජාතිකයින් සුදු පැහැ පෙනුමක් ලබාගැනීමට යොදාගන්නක් වන අතර එය වෛද්‍ය නිර්දේශ රහිතව අධිමාත්‍රා ලබාදීම අතුරු ආබාධ වලට මුල්වේ. මේ නිසා වෛද්‍ය සායනවල හැර රූපලාවන්‍යාගාරවල විද්‍යාත්මක බවින් තොරව භාවිතය තහනම්ය.
2009 දී පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණයට හේතුව වූයේද මෙම ඖෂධයේ අධික මාත්‍රාවක් ලබා දී තිබීම බව පසුව හෙළි විය.


සැම්සුන් උපසභාපතිවරයා සිය අමතර වයාපාරය සාර්ථක කරගැනීම සඳහා මෙකී තහනම් ඖෂධය ඔහුට අයත් රූපලාවන්‍යාගාර ජාලයේ ලබාදී තිබීම වරදට හේතුවිය.වොන් මිලියන 70ක දඩය සලැකීමේදී
ඔහුගේ ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 10.2 ධනයෙන් එය සියයට 0.0006ක් පමණ තරම් සුළු ගණනකි. නමුත් ඒ ආකාර වරදකට එරට අධිකරණය ලබාදී ඇති ඉහළම දඩමුදල බවද සැලකේ.
සාමාන්‍යයෙන් දකුණු කොරියාවේ මෙය සුළු වරදක් ලෙස සලකනු ලබන බැවින් නඩු පවරන්නන් මුලින් යෝජනා කළේ සාරාංශ අධිචෝදනාවක් යටතේ ඔහුට වොන් මිලියන 50 ක දඩයක් නියම කිරීමටයි.
නමුත් අධිකරණය එම පැමිණිල්ල අවලංගු කර නඩු විභාගයක් පැවැත්වීමට නියෝග කළේය.



"එන්නත් කරන ලද ප්‍රමාණය ඉතා ඉහළ වන අතර විත්තිකරු දරන සමාජ වගකීම සලකා බලන විට සිදු කරන ලද අපරාධයේ ස්වභාවය සැහැල්ලු නොවේ," විනිසුරු Jang Young-chae පැවසීය.


සැම්සුන් සමාගමේ වත්මන් සභාපති ‘සැම්සුන්‘ ද මීට මාස 2 කට පෙර තවත් වරදකට හසුවූ අතර  හිටපු දකුණු කොරියානු ජනාධිපතිනි පාර්ක් ගුන්-හයි බලයෙන් පහ කරන ලද නඩුවට අදාළව අල්ලස් වැරදි සම්බන්ධයෙන් සැම්සුන් චෝදනාවට ලක්විය. එයට වසර දෙකහමාරක සිර දඬුවමකින් ඔහු කලින් නිදහස් විය.
නීතිමය ගැටළු වල ගිලී සිටින Samsung සහ Lee හට propofol නඩුව මහජන සම්බන්ධතා අපහසුතාවයක් වී ඇති අතර එය සැම්සුන් කීර්තිනාමයට පවා හානියක් ඇති කර තිබේ.
 (ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)