රඹුක්කන ගොඩංදෙණිය බෝහගලන්ද වත්තේ පල්ලමක තිබුණු මහෝගනී කදන් තොගයක් උඩට අදිමින් තිබුණ ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් එහි රියැදුරු පෙරේදා (26 දා) සවස මිය ගොස් ඇතැයි රඹුක්කන පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ තිරගම, කොහිලේ ගෙදර, පොතුහැර පදිංචිකරුවකු වූ සිටි අප්පුකුට්ගේ මංජුල එදිරිසිංහ 37 හැවිරිදි එක් දරු පියා පියකු බව පොලිසිය කියයි. ට්‍රැක්ටර් රථ රියැදුරුවරයා කලක සිට රඹුක්කන පුවක්මොටේ ප්‍රදේශයේ පුද්ගලයකුගේ ට්‍රැක්ටර් රථයක රියැදුරුවරයා ලෙස සේවය කරන බව පොලිසිය කියයි.
රඹුක්කන ගොඩංදෙණිය බෝගහලන්ද වත්තේ පල්ලමක තිබුණු මහෝගනී කදන් තොගයක් තවත් දෙදෙනකු සමඟ උඩට අදිමින් සිටියදී ට්‍රැක්ටර් රථය පෙරළී රියැදුරු ඊට යටවීමෙන් එම ස්ථානයේම මියගොස් සිටි බව පොලිසිය කියයි. ට්‍රැක්ටර් රථ රියදුරු පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ 27 වැනිදා කෑගල්ල මහ රෝහලේ දී සිදු කිරීමට නියමිතව තිබුණි.
-චමින්ද වැවතැන්න-
Comments
Post a Comment
Your comment will be visible after approval