වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පසුගියදා ගුරුවරුන්ගේ වර්ජනය හෙලා දකිමින් කථා කළ අතර සිය බලතල අනුව 21 වනදා නොපැමිණෙන අයගේ වැටුප් කපන බවට ගුගුළේය.
මේ හේතුව නිසා ඔහුව විවේචනයට ලක්වූ අතර රජයෙන් විශේෂ ප්‍රකාශ පවා නිකුත් කර එවැනි වැටුප් කප්පාදුවක් නොකරන බව දන්වන්නට සිදුවිය.
මේ අතර සිය පක්ෂය ජනතාවාදී නොවන මත නොදරන බව පවසමින් කොල්ලුරේ සභාපතිත්වය දරන කොමියුනිස්ට් පක්ෂයෙන් ඔහුව නෙරපා හැරීමටද පක්ෂයේ අනෙක් අය කටයුතු කර තිබුණි.
අද ගුරු වර්ජනය නැවත පැනනැගි අවස්ථාවේ කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරු දහසකට වැඩි පිරිසක් අද පස්වරුවේ වයඹ ආණ්ඩුකාර කාර්යාලයට යාමට උත්සහ කර තිබුණ අතර වයඹ පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල පොලිසිය එය නතර කරනු ලැබීය.
ප්‍රධාන පිවිසුම් දොරටුව සියයකට වැඩි පොලිස් බලඇණියක් යොදවා තිබූ අතර ආණ්ඩුකාරවරයා හමුවීමට පොලිසිය අවසර නොදීම නිසා දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval