ඩුබායිහි සේවය කරමින් සිටියදී අබුඩාබි බිග් ටිකට් නම්වූ ලොතරැයියෙන් ජයග්‍රහණය කරන ලද රුපියල් කෝටි ගණනක මුළු ත්‍යාග මුදලම තමා උගත් ප්‍රදේශයේ පාසල්වල සංවර්ධනයට ලබාදීමට එම ජයග්‍රාහකයා තීරණය කර තිබේ. ඔහු බේරුවල මරක්කලහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් මිෂ්ෆාත්ය.
ඒ අනුව ඔහු බේරුවල චීනකොටුව අල් හුමෙයිසරා ජාතික පාසලේ ගුරු නිවාසයක් ඉදිකිරීමටද, බේරුවල චීනකොටුව නලීම් හජ්ජියාර් කාන්තා ජාතික පාසලේ ක්‍රීඩා පිටිය සංවර්ධනය සඳහා ඉඩමක් මිලදී ගැනීම සඳහාත්, මග්ගොන අල් හස්නියා මහා විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත තෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් ආදී වශයෙන් එම මුදල් පරිත්‍යාග කිරීමට මොහොමඩ් මහතා තීරණය කොට තිබේ. එයට අදාළ පොරොන්දු ලිපි ලේඛන අදාළ පාසල් සංවර්ධන සමිතිවල නිලධාරීන්ට භාරදීමද සිදු කෙරිණි.
(ලක්ඛිත විද්‍යාසේකර)
Comments
Post a Comment
Your comment will be visible after approval