අද අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ගුරු සංගම් සමග සාකච්ජාව කල් දමා ඇත.සාකච්ජාව අද දිනයේ පැවැත්වීමට නොහැකි නිසා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් තමාට දැනුම් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේය.
ගුරු සංගම් චෝදනා කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වීම මත මෙම සාකච්ජාව කල් තබා ඇති බවට සැක මතු වන බවකි.
ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය හේතුවෙන් දින 90කට වැඩි කාලයක් පුරා ගුරුවරුන් වර්ජනයකට යොමුව ඇති අතර ඔන්ලයින් අධ්‍යාපන කටයුතුද මාස තුනක් පමණ නැවතී ඇත .
Comments
Post a Comment
Your comment will be visible after approval