නෝර්වේහි ඔස්ලෝ නගරයට සැතපුම් 41 ක් ඈතින් පිහිටි කොංග්ස්බර්ග් නගරයේ දී බදාදා පුද්ගලයෙකු විසින් දුනු හා ඊතල වලින් පුද්ගලයින් පස් දෙනෙකුට විද ඝාතනය කර තිබේ.
මෙලෙස හැසිරුනේ ඇයිදැයි තවම වාර්තාවී නැත.
බලධාරීන් පැවසුවේ ප්‍රහාරය සංවිධානාත්මක එකක් නොවන බවය. මෙම ක්‍රියාව සිදු කළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නගරය හරහා දුනු ඊතල අතැති අයෙකු ගමන් කරන අයුරු කිහිප දෙනෙකු දැක පොලිසියට වාර්තා කර තිබූ අතර පැයක පමණ කාලයක් ඔහු සුපිරි වෙළඳසැලක් ඇතුලු පොදු ස්ථාන කිහිපයකදී මෙලෙස ඊතල විදීම සිදුකර ඇත.
ප්‍රාෙද්ශීය වේලාවෙන් රාත්‍රී 7.30 ට පමණ පොලිසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සොයා ගැනීමට සහ තත්වය පිළිබඳ තොරතුරු රැස් කිරීමට පොලිසියට කාලයක් ගත වී තිබෙන අතර නිවැසියන්ට නිවෙස් තුළ ආරක්ෂිතව සිටින ලෙස පොලිසිය නියෝග කර තිබුණි.
නෝර්වේ අග්‍රාමාත්‍ය එර්නා සොල්බර්ග් පැවසුවේ එම දර්ශනය “බිහිසුණු එකක්” වූ බවයි, පවතින වාතාවරණය පොලිසිය ඵලදායීව කළමනාකරණය කරනු ඇතැයි ඇය ජාතිය අමතමින් දන්වා සිටියාය.
(ඒඑෆ්පී ඇසුරිනි -Gossiplankanews.com)
Comments
Post a Comment
Your comment will be visible after approval