ගුවන් තොටුපළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විවෘත කරන ලද අතර උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගි අදිත්‍යනාත් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
කුශිනගර් අන්තර්ජාතික ගුවන් තොටුපලට ගොඩ බසින ලද පළමු අන්තර්ජාතික ගුවන් යානය වූයේ ශ්‍රී ලංකා දූත පිරිසක් රැගත් යානයකි. එහි සංඝයාවහන්සේ සිය නමක් සහ ඇමති නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වූහ.
මෙම කටයුත්ත වසර ගණනක බලාපොරොත්තුවක් ඉටු වීමක් බව මෙම උත්සව අවස්ථාව අමතමින් මෝදි පැවසීය. එමෙන්ම මෙමගින් බෞද්ධ වන්දනා ගමන් ආශ්‍රිත නව ආර්ථිකයක් ගොඩනැගෙනු ඇතැයි ද කීවේ ය.
බුද්ධ පරිනිර්වාණය සිදුවූ ස්ථානය බව සැලකෙන කුසිනාරාව දඹදිව වන්දනාවේ යෙදෙන බෞද්ධයින් අනිවාර්යයෙන් වන්දනාමාන කරන ස්ථානයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval