husband-wife-dig

පසුගියදා පොලිස් නිලධාරිනියන් තිදෙනෙකු  එකම දිනයක නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වීම් ලැබූ බවට මාධය වාර්තා පළවිය.
එම තනතුරු ලැබූයේ නිශාන්ති සෙනෙවිරත්න, රේණුකා ජයසුන්දර, පද්මිණි වීරසූරිය යන අයයි. මින් ඉහත  ලංකාවේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය බවට පත්ව සිටි බිම්සානි ජාසිංහආරච්චි තැබූ වාර්තාව දැන් අලුත්වී ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය පොලිස්පතිවරියන් හතර දෙනෙක් දැන් සේවය කරති.
මෙවර උසස්වීම් ලද නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනාගෙන් ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මුලින්ම සිටින්නේ නිශාන්ති සෙනෙවිරත්නයි ඇගේ විශේෂත්වයක් තිබේ. ඇයගේ සැමියා කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්නය. බිරිඳ හා සැමියා නියෝජ්‍ය පොලිස්පති ධුරයන් හොබවන්නේ ඉතිහාසයේ මුල්වරටය.

නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දරගේ සැමියාද පොලිස් නිලධාරියෙකි. කොම්පඤ්ඤ වීදිය පොලිසියේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර ඇගේ සැමියාය.
ජයන්තා පද්මිණී වීරසූරිය මීළඟට ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිටින නිලධාරිනියය.

ඇයද 1997 උප පොලිස් පරීක්ෂිකාවක් ලෙස සේවයට එක්ව 2008 ජනවාරි 01 දා සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලබා ඇත.  යුද හමුදා නිලධාරියකු සමග ඇය විවාහ වී සිටින්නීය.