කොළඹදී අද පැවැති පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා
කොවිඩ් -19 රෝගය සැලකිය යුතු ලෙස පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම තවදුරටත් කල්දැමිය යුතු බව පැවසීය.
පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි පැතිරීමට දැඩිව හේතුවිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
ජනතාවගේ නොසැලකිලිමත් හැසිරීම පිළිබඳව කණගාටුව පළකරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
පළාත් අතර සංචරණ සීමා ලිහිල් කෙරෙන 21 වනදා සිට දුම්රිය හා බස් රථ පුරුදුපරිදි ධාවනය වන්නට නියමිත අතර රජය මගින් මෙම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය අංශ උපදෙස් සහිතව බව දන්වා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval