පෙම්වතාගේ නොගැලපෙන හිරිහැර ඉවසීමට නොහැකිව ප්‍රේම සම්බන්ධතාව නතර කර දැමීම නිසා උරණවීර පෙම්වතියගේ අඩ නිරුවත් ඡායාරුප පෙම්වතියගේ ඥාතීන්ට යවන ලද පෙම්වතකු පෙරේදා (6) වැනිදා අත්අඩංගුවටගත් බව හක්මන පොලිසිය පවසයි. නගරයේ පාසලක ඉගෙන ගන්නා කාලයේ දී දැන හැඳින ගැනීමෙන් ඇතිවූ ප්‍රේම සම්බන්ධතාව වසර තුනක් පමණ කාලයක් පවත්වාගෙන ගොස් ඇත. විසි තුන් හැවිරිදි පෙම්වතාගේ නොගැලපෙන හැසිරීම් රටාව නිසා දැනට මාස හයකට පමණ පෙර
සම්බන්ධතාව නතරකර දැමීමට පෙම්වතිය ක්‍රියා කර ඇතැයි පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළි වී ඇත.
එයට උරණ වූ පෙම්වතා ආදරය කරන කාලයේ පෙම්වතිය විසින් තමන්ට එවන ලද ඇයගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් පෙම්වතියගේ ඥාතීන් කිහිප දෙනකුගේ ජංගම දුරකථනවලට යවා ඇති බව විසි දෙක හැවිරිදි තරුණිය සිදුකළ පැමිණිල්ලේ සඳහන් විය. ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී තරුණයාගේ දුරකතනයේ තිබි එලෙස යවන ලද ඡායාරූප හමු වූ අතර අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා දෙයියන්දර මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි. හක්මන වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්. ප්‍රේමතිලක මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියෝ විමර්ශන සිදු කළහ.
-යසිත ආරියසේන-
Comments
Post a Comment
Your comment will be visible after approval