china-fertilizer

චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි. මේ අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) උදෑසන පැවසූවේ, 

හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ  චීන කාබනික පොහොර තොගය තුන්වෙනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීන තානාපතිවරයා හරහා චීන පොහොර සමාගමේ නියෝජිතයින්  ඉල්ලීමක් කර තිබෙන බවයි.
ඒ අනුව පොහොර තොගය යලි ලංකාවට පැටවීමට දෙවන උත්සාහක අවස්ථාවක් (සෙකන්ඩ් ට්‍රයි) ලැබෙනු ඇතැයි වාර්තා පළවේ.

චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මෙම ඉල්ලීම සිදු කරන්නේ කාබනික පොහොර මෙරටට රැගෙන එන ලද නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන්නැයි, හාබර් මාස්ටර්වරයා සියලු පාර්ශවවලට නියෝග කර ඇති පසුබිමකදී ය.

පොහොර මෙට්‍රික් ටොන් 20,000 රැගත් චීනයේ සිට ශ්‍රී ලංකාව බලා පිටත්වුණ හිපෝ ස්පිරිට් නෞකාව තවමත් මලක්කා සමුද්‍ර සන්ධියේ රැඳී සිටියි.