
අධ්‍යාපන ලේකම්වරයා ඉකුත් සැප්තැම්බර් මස 22 වැනි දින පළාත් ලේකම්වරුන් වෙත ලිපියක් නිකුත් කරමින් එම විභාගය අත්හිටුවන්නැයි දැනුම් දී තිබේ. මේ පිළිබඳව කළ විමසුමකදී රැකියා විරහිත උපාධිධාරි ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතා සඳහන් කළේ විභාගය අහෝසි කළද අපේක්ෂකයන් තැන්පත් කළ රුපියල් 1000 මුදල නැවත නොලැබෙන බවය. ගුරුසේවයට එක්වීමට අපේක්ෂාවෙන් සිටි උපාධිධාරීන්ට රජය එම අවස්ථා අහිමිකර ඇති බවද අඹේපිටිය මහතා කීය.
මේ වනවිටත් රාජ්‍ය සේවයට බඳවාගෙන සිටින උපාධිධාරි අභ්‍යාසලාභීන් ගුරු සේවයට එක් කිරීමේ අපේක්ෂාවෙන් ඉහත තරග විභාගය අහෝසිකර ඇතැයිද ඔහු පැවසීය. මේ වනවිට ගුරු සේවයේ පුරප්පාඩු 60,000 ක් පමණ තිබෙන බවද මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.
-රංජන් කස්තුරි-
Comments
Post a Comment
Your comment will be visible after approval