ගුරු වැටුප් වැඩිවීම එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් වර්ජනය ඉදිරියට ගෙනයාමට ගුරු – විදුහල්පති
වෘත්තීය සමිති සන්ධානය අද (13) තීරණය කර තිබේ.
වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණු අතර
එහිදි අදියර 2 කින් වැටුප් විෂමතාවට විසඳුම් ලබාදෙන්නට අගමැති යෝජනා කළේය. සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ගුරු, විදුහල්පති සංගම්
කියා සිටියේ වැටුප් ගැටලුවට රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ ද යන්න පිළිබඳව දිනකට පසු එනම් අද තීරණය කරන බවයි.
ඒ අනුව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද පැවසුවේ දෙකකට ලබාදීම පිළිගන්නට බැරි බවයි. එකවරම දෙන්නැයි ඉල්ලා ඇති අතර තීරණය කර ඇත්තේ, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටයි.
දැනට 200ට අඩු පාසල් විවෘත කිරීමට රජය තීරණය කර ඇති පසුබිමක මෙම තීරණය අනුව එම පාසල් විවෘත කිරීමට නොහැකි වනු ඇතැයිද අද ඔවුන් දන්වා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval