Womens-organizations-sue-over-French-beauty-pageant

ප්‍රංශයේ ප්‍රමුඛ පෙළේ ස්ත්‍රීවාදී සංවිධානයක්  සඳුදා කියා සිටියේ ‘මිස් ෆ්‍රාන්ස්‘ රූ රැජිණ තරගාවලිය සහභාගී වූවන් තෝරා ගැනීම සඳහා වෙනස් කොට සැලකීමේ නිර්ණායක භාවිතා කර ඇති හෙයින් තරග සංවිධානය හා ප්‍රවර්‍ධනය කරන්නන්ට එරෙහිව කම්කරු උසාවියේ නඩු පවරන බවයි.


පැමිණිල්ලෙන් තර්‍ක කරන්නේ සමාගම් විසින් ප්‍රංශ කම්කරු නීතිය වෙනස් කොට සැලකීමේ නිර්ණායකයන් අනුව කඩ කරන බවය.
අපේක්‍ෂිත රූ රැජන මීටර් 1.70 ට වඩා උස, තනිකඩ සහ "සුන්දරත්වයේ නියෝජිතයා" විය යුතු බව කොන්දේසි වල දක්වා ඇත.
ප්‍රංශ කම්කරු නීති සංග්‍රහය මඟින් සමාගම් "සදාචාරය, වයස, පවුල් තත්ත්වය හෝ භෞතික ස්වරූපය" අනුව වෙනස් කොට සැලකීම තහනම් කර ඇති බව කියන පැමිණිලිකාර ‘ඕසෙස් ලේ ‘ සංවිධානය මෙම නීති රීති ඔවුන් හකුළු ගතයුතු බව පෙන්වාදී ඇත.

පැරීසියේ තදාසන්න ප්‍රදේශයක් වන බොබිග්නි හි කම්කරු උසාවියේ ගොනු කර ඇති මෙම නඩුවේ වගඋත්තර කරුවන් ලෙස  තරඟ සංවිධායකයින් සහ ප්‍රවර්ධක රූපවාහිනී සමාගම නම් කර ඇත.
 ‘මිස් ෆ්‍රාන්ස්‘  මීළඟ තරගය දෙසැම්බර් 11 දා උතුරු ප්‍රංශයේ කේන්හිදී පැවැත්වීමට නියමිතය.
(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)