ශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භ නායකයෙකුවූ බන්දුල වර්ණපුර මහතා අසාධ්‍යව රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙයි. ඔහුගේ රෝග තත්වයක් හේතුවෙන් පාදයක් ඉවත්කිරීමේ සැත්කමක් සිදු කරන්නට සිදුව ඇතැයිද
වාර්තාවේ.දැනට 68 හැවිරිදි වියේ පසුවන වර්ණපුර මහතා 1975 සිට 1982 දක්වා ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ටෙස්ට් තරග 4 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 12 කට ක්‍රීඩා කළේය. ඔහු දකුණත් ආරම්භක පිතිකරුවෙකු මෙන්ම දකුණත් මැද වේග පන්දු යවන්නෙකුද විය.
මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමූ ශ්‍රී ලාංකිකයා වන්නේ වර්ණපුරයි, ජාතික ක්‍රිකට් පුහුණුකරුවෙකු හා ක්‍රිකට් පරිපාලකයෙකු ලෙසද කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට පසුගිය පෙබරවාරියේ තරග වැදීමට නාමයෝජනා ලබාදී පසුව ඉවත්වූ කණ්ඩායමටද අයත්විය.
Comments
Post a Comment
Your comment will be visible after approval