විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලබන 11 වනදා සිට විශ්වවිද්‍යාල තුලදීම කොරෝනා මර්දන එන්නත් ලබා දීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පැවසීය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ සියලු උපකුලපතිවරුන්සමග සාකච්ඡා කර එම වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන බව
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය. විශ්වවිද්‍යාල සිසුන්ට තමන් පදිංචි පළාතේ තිබෙන ඕනෑම විශ්වවිද්‍යාලයකින් එන්නත ලබා ගැනීමට හැකිය. සයිනොෆාම් එන්නත ඔවුනට ලබාදීමට නියමිතය.
මේ අතර දරුවන් සදහා ක්‍රියාත්මක කොවිඩ් මර්දන එන්නත් වැඩසටහන අවසන් වූ වහාම බූස්ටර් මාත්‍රාව සහ තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval