ඉතාලියේ වෙරෝනා නුවර වාසය කරමින් සිටින ශ්‍රී ලාංකික මවක ඇගේ 11 හැවිරිදි  සහ 3 හැවිරිදි දියණියන් දෙන්නා ඝාතනය කර නිවසින් අතුරුදන්වීමේ පුවතක් පෙරේදා ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඊයේ රාත්‍රි වාර්තාවන්නේ අතුරුදන් ඇයගේ සිරුර ගගට පැන දිවිනසාගෙන තිබියදී හමුවූ බවයි. සැමියාගෙන් වෙන්වී වාසය කළ බව කියන ශ්‍රී ලංකාවේ උපන් සචිත්‍රා නිසංසලා ප්‍රනාන්දු දේවේන්ද්‍ර නමැති මව මෙම අපරාධය කර ඇති බවට සැක කෙරේ.
දරුවන් නිදි යහනේ ඝාතනය කර තිබූ අතර 11 හැවිරිදි දරුවා පාසල් ඒම ප්‍රමාද වන්නේ ඇයිද යන්න නගර සභාවේ නිවාස භාර ක්‍රියාකරු කළ සොයා බැලීමේදී නිවසේ තිබී මළ සිරුරු හමුවිය.
වෙරෝනා ප්‍රාන්තයේ පෝර්ටෝ සැන් ෆැන්ක්‍රාසිහි Porto San Pancrazio  වාසය කළ 34 හැවිරිදි නිසංසලාගේ ස්වාමි පුරුෂයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකු බවට පැමිණිලි කර

උසාවි නියෝගයක් මත ඇය දරු දෙන්නා සමග වෙන්ව වාසය කරන්නට පටන්ගෙන වසරකට ආසන්න  කාලයක් ගතවී තිබුන බව වාර්තා කර තිබේ.
වැනීසියේ ළමා උසාවිය මෙම තීන්දුව ලබාදී ඇත්තේ 2021 ජනවාරි මාසයේ වන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ගැටළු ඇති පියාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම හේතුවෙන් ඔහුව නිවසින් ඉවත්කිරීමට නියෝග කෙරිණි. මේ නිසා එකී සිද්ධියෙන් පසුවත් ඔවුන් අතර ප්‍රශ්න පැවති බව කියැවිණි.
විවිධ හේතූන් මත දුෂ්කරතාවන්ට මුහුණ දෙන පවුල් සඳහා ස්වයං නැගීසිටීම් මාර්ග සඳහා ආධාර ලබන පවුලක් ලෙස ප්‍රදේශය භාර ඉතාලියානු නගර සභාව මෙම පවුල සම්බන්ධයෙන් සොයා බලා තිබුණ අතර මූල්‍ය අධාර ලබාදීම්ද සිදුකර තිබුණි.
11 හැවිරිදි සබැඳි සහ 3 හැවිරිදි සඳනි දියණියන් හුස්ම සිරකර නිදියහනේ මරාදමා මව පළාගොස් තිබුණි. ඔවුන් ගැන අසල්වාසීන් අතිශය කම්පාවට පත්ව ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තාකරයි.


 ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්ෂකවරයා තම විමර්ශනයේදී දැරියන්ගේ සිරුරුවල කිසිදු තුවාල සලකුණක් තිබී නැතැයි සඳහන් කළේය.  දැරියන්ගේ හුස්ම හිරකර මරා දමා ඇති බවට යම් යම් සලකුණු සොයා ගැනීමට මරණ පරීක්ෂකවරයාට හැකිවී ඇත.  දැරියන්ගේ කාමරයේ එක් ජනේලයක් විවෘතව පැවැති අතර ඉන් පලාගිය සචිත්‍රා අසල ඇති කුඹුරු යාය ඔස්සේ දිව ගොස් ගංගාවට පනින්නට ඇතැයි දැනට සැකකෙරේ.
පැය ගණනාවක් තිස්සේ කරන ලද සොයාබැලීමෙන් පසුව, 34 හැවිරිදි නිසංසලාගේ සිරුර ඇගේ නිවසට මීටර් 300 ක් පමණ දුරින් පෝටෝ සැන් පැන්ක්‍රේසියෝ හි ලාසරෙටෝ අසලදී සොයා ගන්නා ලදී.
වෙරෝනා නගරාධිපති ෆෙඩ්රිකෝ ස්බෝරිනාද  ඝාතන සිදුවූ ස්ථානයට පැමිණ සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

සිද්ධිය සිදුවූ අඟහරුවාදා උදෑසන නිසංසලා සමාජ සේවිකාවකට පවසා ඇත්තේ තම දියණියන් අසනීප වී ඇති බවයි: “ගැහැණු ළමයින්ට උණ තියෙනවා,බෙහෙත් ටිකක් දීලා ඔවුන්ට නිදාගන්න දෙන්න. මම අද එයාලව ඉස්කෝලේ යවන්නේ නැහැ." පවසා ඇත.
ටික වේලාවකට පසු, සමාජ සේවිකාව කාමරවලට ගොස් බලද්දී  දරුවන් ඇඳේ නිදා සිටින බවක් පෙනෙන්නට තිබී ඇති අතර නාන කාමරයේ ආලෝකය දැල්වෙනු දැක ඇත. ඒ නිසාම මව බාත්රූම් එක ඇතුලේ  යයි සිතූ ඇය නැවත හැරී තිබේ.
ඉන් මිනිත්තු 10 කට පමණ පසු යලි පරීක්ෂා කරද්දී මව කාමරයේ සිට නැත. ඇය ජනේලයෙන් පැනගොස් ඇත්තේ මේ අවස්ථාවේය.
 ගැහැණු ළමයින් දෙදෙනා පරීක්ෂා කිරීමේදී බිහිසුණු සිදුවීම වාර්තාවිය
දරුවන් ඒ වන විටත් මියගොස් සිටි බව කියැවේ.
ලැබී ඇති සාක්ෂි අනුව හැරගිය සැමියාට ඉදිරි නඩු වාරයේදී දරුවන් ලබාදෙන්නට සිදුවීම ගැන ඇය විස්සෝපයෙන් පසුවී ඇත.
 එම පුද්ගලයා තමාට අයුතු ලෙස සැලකූ බව කියන  ඇය “ගැහැණු ළමයින්ව මගේ සැමියාට දෙනවාට වඩා, මම ඔවුන්ව මරාගෙන මැරෙන එක හොඳයි” කියූ බව අසන්නට ඇත. කිහිප වතාවක්ම වෛද්‍යවරුන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා අවසානයේ ඇය මේ බව ද ප්‍රකාශ කර ඇත.
(අන්සා නිවුස් ඇසුරිනි - Gossiplankanews.com)