දරුවන් සියලු දෙනා මෙන්ම මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර දෙවැනි දරුවා පමණක් නොමේරූ ළදරු ඒකකයට යොමු කළ බව සැත්කම සිදුකළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතා මාධ්‍ය වෙත දන්වා සිටියේය.
තිස් එක් හැවිරිදි මව කොළඹ අයිඩීඑච් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ශ්‍රී ලංකාවේ එකවර දරුවන් 6 ක් මවක විසින් බිහිකරනු ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.
ලෝක මට්ටමේදී වෛද්‍ය වාර්තා පොත් අනුව එවැනි අවස්ථා 18 ක් ගැන සඳහන්වේ. දරුවන් 6 දෙනාම නිරෝගීව ලබාගැනීම මෙවැනි සැත්කම්වලදී අතිශය දුෂ්කර ව්‍යායාමයකි.
මෑත ඉතිහාසය සැලකීමේදී අවසන් වරට 2013 දී ට්‍රිනිඩෑඩ් හා ටොබාගේ හි මවක දරුවන් 6 ක් එකවර බිහිකළත් දරු දෙන්නෙකු පසුව මියගොස් තිබුණි. ඊට පෙර 2009 දී උතුරු අයර්ලන්තයේදීත් 2008 දී නිව්යොර්ක් නුවරදීත් සයදරු උපත් වාර්තාවී තිබෙන අතර එම දරුවෝ සියල්ල නිරෝගී අය වෙති.
දැනට ලොව වාර්තාවී ඇති මවක එකවර උපත දෙනලද වැඩිම දරුවන් ගණන 9 කි. 2021 මැයි මස මොරොක්කෝවේදී එකී දරු උපත සිදුවූ අතර එවැනි අවස්ථා තවත් 2 ක් 1971 හා 1999 වාර්තාවී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval