උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට
අද (23) පෙරවරුවේ ජනාධිපතිතුමා ගියේය.අනතුරුව උඩුබද්දාව ප්‍රාදේශීය සභාව භූමියේ ඇති කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමා නිරීක්ෂණය කළේය.
ගැඩවිල් පණුවන් යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින් මාසිකව පොහොර ටොන් 12ක් පමණ නිෂ්පාදනය කෙරේ.
තමාගේ අපේක්ෂාව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමය. දේශපාලන නායකයන් නොගන්නා අසීරු තීරණ ඒ වෙනුවෙන් ගැනීමට සූදානම් ය. එදා යුද්ධයට අත ගහන්න එපා යැයි බොහෝ දෙනා ඉල්ලා සිටි නමුත් 30 වසරක යුද්ධය අවසන් කළාක් මෙන් කුමන බාධාක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය.
(ඡායාරූප : සාගර ලක්මාල් ද මෙල් - ජනාධිපති මාධ්‍ය අංශය)
Comments
Post a Comment
Your comment will be visible after approval