මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දෙන පොලිස් නිලධාරියෙකු සම්බන්ධ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගොස් තිබුණි.
මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ අවධානය ඒ වෙත යොමුවී ඇති අතර
එම පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යවරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙයි.
රථවාහන අංශයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු මෙම පහරදීම සිදුකරන්නේ මඩකළපුව එරාවූර් කලපුව පාරේ ආහාර වෙළෙඳසැලක් ඉදිරිපිටදීය.
රිය අනතුරක් සිදු වූ ස්ථානයක මැනීම් කටයුතු සිදුකළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් අධික වේගයෙන් මෙම යතුරුපැදිය ධාවනය කර ඇති අතර යතුරුපැදිය නවතන්න කිවත් නවතා නැත. පසුව එය හඹා ගිය නිලධාරීන් ආහාර අලෙවිසැලක් අසල යතුරුපැදිය නවතා ඇති අවස්ථාවක ඒ වෙත ගොස්
චෝදනා පවසමින් මෙසේ පහරදී ඇති බව කියැවිණි.
අදාළ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval