covid19-government

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කොවිඩ් වසංගතය හමුවේ ආගමික සිද්ධස්ථාන කටයුතු කළ යුතු අයුරු දක්වමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
එහි කොන්දේසි මෙසේය.





  • සියලුම ආගමික සිද්ධස්ථානවල බෞද්ධ ආගමිකයන්ට පොහෝය දිනයන් සහ බෝධි පූජා සඳහාත්,  මුස්ලිම් සහ හින්දු භක්තිකයන්ට සිකුරාදා දිනයත්, කතෝලික බැතිමතුන්ට ඉරිදා දිනයත් උපරිමය පුද්ගලයින් 50 කට යටත්ව පූජාවන් සඳහා සහභාගිවීමට අවසර හිමිය.
  • මේ තත්ත්වය පවත්වාගෙන යන්නට එම ස්ථාන භාරව හිමිවරු සහ පූජකවරුන් කටයුතු කළ යුතු අතර සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත භාවිත කිරීමට පහසුකම් තිබිය යුතුය.
  • බැතිමතුන් අතර මිටරයක අවම දුරක් පවත්වාගෙන යෑම සිදුකළ යුතු අතර, පුජ්‍ය පක්ෂය මෙන්ම බැතිමතුන් පිරිසිදු මුව ආවරණයක් පැළද සිටීම අනිවාර්යයි.
  • වැළඳ ගැනීම්, අතට අත දීම ඇතුළු ශරීර ස්පර්ශවන ආකාරයේ සියලුම ක්‍රියාවන් තහනම් කොට ඇත. මුව ආවරණ නොපැලද මුහුණු ආවරණ (Face Shield) පමණක් පැළද පැමිණෙන කිසිවෙකුට ආගමික ස්ථාන වලට ඇතුළුවීමට ඉඩ නොතැබිය යුතුය.
  • ආගමික ස්ථානයට ඇතුළුවන සියලුම දෙනා අත් පිරිසිදු කර ගැනීම අනිවාර්ය වේ.